සැප්තැම්බර් 6 වන දින තෙක් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි රියල් එස්ටේට්‘ හා ‘ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි ප්‍රොපටි ඩිවලොපර්ස්‘ සමාගම් දෙකේ දේපළ අන්සතු නොකරන අධ්‍යක්ෂ මණ්ඩලවලට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කෙරුනි.
මීට අමතරව ස්වාධීන තැන්පත්කරුවන්ගේ සංගමය හා තැන්පත්කරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ලෙස අධිකරණය පිළිගත් සී.කල්දේරා, මහින්ද විජේසූරිය, උපාලි රාජපක්ෂ හා ඈෂ්ලි විලත්ගමුවට ලබන නඩු දිනය තෙක් එම සමාගම් දෙකේ කටයුතු කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.