ශ්‍රීලනිප බෙදුනොත් මෛත්‍රී වගකිව යුතුයි – මහින්ද

mahinda-rajapaksha

තමන්ට හිතවත් ශ්‍රීලනිප ආසන සංවිධායකයන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන ගත් පියවර නිසා පක්ෂය බෙදීමක් ඇති විය හැකි බවත් එහි වගකීම මෛත්‍රිපාල සභාපතිවරයා භාරගතයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ජනතාව අතර මහත් ප්‍රසාදයක් දිනා ඇති සංවිධායකවරු මෙසේ බවත් කිරීමෙන් පක්ෂය බෙදීම දක්වා වෙනස්කම් ඇති වියහැකි බව හිටපු ජනාධිපතිවරයා පවසයි. මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුනවර්ධන, සී.බී.රත්නායක, ගාමිනි ලොකුගේ කෙහෙලිය රඹුක්වැල්ල ඇතුලු ආසන සංවිධායකයන් 16 දෙනකු පෙරේදා (17) ආසන සංවිධායක තනතුරු අහිමි කර තිබිණි. මින් පෙර දිලුම් අමඅනුගම, සාලින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රෙස්න, ගීතා කුමාරසිංහ සහ ප්‍රසන්න රණතුංග ආසන සංවිධායක ධුරවලින් නෙරපා හැරි බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රටේ ජනතාව දන්නා ඉදිරිපෙළ නායකයන් මෙසේ පක්ෂයෙන් පන්නා දමන්නට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර එහි ජයග්‍රහන සහතික කිරීමටදැයි ඔහු ප්‍රහ්න කළේය.මේ අතර අද දින ශ්‍රීලනිප මහලේකම් දුමින්ද දිසානායක ජනම්‍ය හමුවේ ප්‍රකාහ කළේ වගකීම හරිහැටි ඉටුකරන්නට අසමත් වූ ආසන සංවිධායකවරු තනතුරින් පහ කළ බවයි. වසරකට වැඩි කාලයක් මෙසේ නිරීක්ෂනය කිරීමෙන් පසුව අදක්ෂ බව පෙන්වූ ආසන සංවිධායකයන් ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කළ බව ශ්‍රිලනිප මහලේකම්වරයා ජනමාධ්‍ය වෙත පැවසීය.

Leave a Reply