ඊයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 80 දෙෙනකු මියගොස් තවත් 230කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එම ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇතැයි වාර්තාවේ. සුන්නි මුස්ලිම් බහුතරයක් වෙසෙන ඇෆ්ගනිස්ථානයේ වෙසෙන අතර අනෙකුත් සුළුතර ජන කණ්ඩායම් ගණනාවකට නොසලකා හැර ඇති බවට චෝදනාවක් එල්ලවේ.මේ හේතුවෙන් ඊයේ එරට වෙසෙන හසාරාවරුන් තම අයිතීන් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් කාබුල් නුවර පවත්වා ඇත.
මෙම උද්ඝෝෂණයකට කඩා වැදුණු මරාගෙන මැරෙන ඉස්ලාමීය අයිඑස් අන්තවාදීන් විසින් මෙම ප්‍රහාරය දියත් කොට තිබේ. ප්‍රහාරයේ වගකීම තම සංවිධානය විසින් බාර ගන්නා බව අයිඑස් වරුන් ප්‍රකාශක කර ඇත. මීට පෙර ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රෙද්ශවල අයිඑස් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරයන් නිරන්තරව දකින්නට ලැබුනත්, එරට අගනුවරට අයිඑස් වරුන් එල්ල කළ ප්‍රථම ප්‍රහාරය ලෙස සලකන බව එරට ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අද දින ඇෆ්ගනිස්ථානයේ ජාතික ශෝක දිනයක් ලෙස නම් කර ඇත.
ඉස්ලාමීය අන්තවාදීන්වන අයිඑස්වරුන් එල්ලකරන ලද මෙම ප්‍රහාරය පිලිබඳව තලේබාන් සංවිධානය විසින්ද හෙළාදැකි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය ගැන එක්සත් ජාතීන් පවසා ඇත්තේ මෙය යුද අපරාධයක් ලෙස තම සංවිධානය සලකන බවයි.