ක්‍රිස් පෘෘමේ ප්‍රංශ පාපැදි සවාරිය ජයගනී

froomeweb

ක්‍රිස් පෘෘමේ තෙවන වරටත් ප්‍රංශ සවාරිය ජයගනී. අධියර 21කින් සමන්විත ප්‍රංශ සවාරිය ඊයේ අවසන්විය. බ්‍රිතාන්‍ය ජාතික පාපැදි ශුර ක්‍රිස් පෘෘමේ මෙවර සිය ජයග්‍රහණය හිමිකර ගැනීමට පෙර 2013,2015 යන වසරවලදීද ප්‍රංශ සවාරිය ජයගෙන තිබුනි. මෙම ජයග්‍රහණයත් සමග අවස්ථා තුනක් ප්‍රංශ සවාරිය ජයගත් පළමු බ්‍රිතාන්‍ය ජාතිකයා වන්නේ ක්‍රිස් පෘෘමේය.

ඊයේ අවසන් වූ මෙම තරගාවලියේ අධියර 21 අවසන් කිරීම සඳහා ක්‍රිස් පෘෘමේ විසින් පැය 89යි, විනාඩි 04යි, තත්පර 48ක් ගත කර තිබුනි. දෙවන ස්ථානය දිනාගත් ප්‍රංශ ජාතික රොමේන් බර්ඩෙට් පෘෘමේට වඩා විනාඩි 04යි තත්පර 05ක් ගත කරතිබුනි. තෙවන ස්ථානය දිනා ගත්තේ කොළොම්බියාවේ නායිරෝ කුවින්ටානා විසිනි. ඔහුට ක්‍රිස් පෘෘමේට වඩා විනාඩි 04යි තත්පර 21ක් ගත විය

ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ක්‍රිස් පෘෘමේ පවසා තිබුනේ තමාගේ ඉදිරි වසර 5-6 තුලත් ප්‍රංශ සවාරිය සඳහා සහභාගීවීමට තමා අදහස් කරන අතර එහිදී තමාගේ අදහස වන්නේ හොදින් තරග කර නැවත ජයහ්‍රහණය ලබා ගැනීම බව ඔහු ඊයේ තරගය අවසන්වූ පසුව පවසා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

froomeweb1

Leave a Reply