අද දින බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ සිට ඔලිම්පික් ගිනිසිළුව රැගෙන රියෝ ද ජෙනැයිරෝ අගනුවර දක්වා ධාවනයේ යෙන විට එය පැහැරගැනීමට හෝ එයට බාධා පැමිණවීමට පුද්ගලයකු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රසීලයම ආවරණය වන අයුරින් මෙම ඔලිම්පික් ගිණිසිළුව රැගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබේ. එසේ තිබියදී අද දින සාවෝ පාවුලෝ නගරයේ සිට මෙවර ඔලිම්පික් උළෙල ආරම්බීමට නියමිත රියෝද ජෙනැයිරෝ වෙත එය රැගෙන එන අතර තුරදී මාර්ගයට පැන එය රැගෙන යනකණ්ඩායමට බධාකර ඇත.
කෙසේ වෙතත් ගිණිසිළුව රැගෙන ධාවනයේ යෙදෙන අය සමග එහි ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් විසින් මෙම පුද්ගලයාව මාර්ගයෙනක් ඉවතට ඇද දමා නැවත ගිනිසිළුව රැගෙනයාමට පියවරගෙන ඇත. එම පුද්ගලයාව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
මෙහි දර්ශන නැරඹීමට පහත සම්බන්ධතාවය ගන්න