ඊයේ පාර්ලිමේන්තු ගැටුම සොයන්න කමිටුවක් පත්කරයි.

parliyament

ඊයේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකුට පහර දීමෙන් පසුව රෝහල් ගත කිරීමට සිදුවීම හා තවත් මන්ත්‍රීන් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය ගැන පරීක්ෂා කර වහාම වාර්තාවක් සැපයීම සඳහා කථානායක කරු ජයසූරිය විශේෂ කමිටුවක් පත් කර ඇත.

එම කමිටුව සදහා නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා කාරකසභා නියෝජ්‍ය සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් යන අය පත් කර තිබේ.

මෙම පරීක්ෂණයෙන් වැරදිකරුවන් වන මන්ත්‍රීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායක ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධිය නිසා ඊයේ පස්වරු 1.35ට කල් තැබුණු පාර්ලිමේන්තුව යළි පස්වරු 3ට රැස්විය.

මීට පෙරත් අවස්ථා ගණනාවකදීම මෙවැනි සිදුව ඇති බවත්, එම ගැටුම පිළිකුළෙන් හෙළා දකින බව කථානායකවරයා ප්‍රකාශ කර තිබේ. පාසල් සිසුන් හා අමුත්තන් රැසක් මහජන ගැලරිවල සිටියදී ඇතිවූ මේ සිද්ධිය පාර්ලිමේන්තුවට බලවත් කැළලක් බවත් කථානායකවරයා මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

මෙම පහරදීමෙන් එක් මන්ත්‍රීවරයකු රෝහල් ගත කර තවත් මන්ත්‍රීන් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ. පාර්ලිමේන්තුව අද  පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

Leave a Reply