අමාත්‍ය මණ්ඩල සංශෝධනයකින් තොරව අමාත්‍යාංශ සතු විෂයන් ගැසට් නිවේදනයක් මගින් වෙනස් කිරීමට රජය තීරණය කර ඇත.
කැබිනට් ඇමැතිවරුන් ගණනාවකගේ විෂයයන් මේ ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. නව විෂය සංශෝධනය යටතේ වැඩිම විෂයයන් සංඛ්‍යාවක් වෙනස් කරනුයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ගේ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ගෙවුණු කාලය තුළ ඇමතිවරුන් දැක්වූ ප්‍රගතියත්, ආයතන විශාල සංඛ්‍යාවක් හිමි අමාත්‍යාංශ විෂයයන් මෙම සංශෝධනයේදී වෙනත් අමාත්‍යාංශ අතර බෙදා හැරීමත් සම්බන්ධව මෙම විෂය සංශෝධනයේදී අවධානයට ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.