යුරෝපා දේශපාලනය උණුසුම් වෙමින් ඇත. විශේෂයෙන්ම පසුගිය දශක කීපය තුල සිදු නොවූ තරමට එය උණුසුම් වෙමින් ඇත. සෝවියට් කඳවුරේ බිඳ වැටීමෙන් අනතුරුව දිගු නිහැඩියාවක ගිලුණු ලෝකයේ බොහෝ දේශපාලන ව්‍යාපාර නව ජවයක් ලබමින් පෙරට එමින් සිටී.
2008 වසරේ සිට දිගහැරුණු ආර්ථික අර්බුදය ආරම්භ වූයේ එක්සත් ජනපදයෙන්ය. එහෙත් එය මේ වන විට දේශපාලන අර්බුදයක් බවට පත්ව යුරෝපය හරහා හමා යමින් ඇත.
ගී‍්‍රසිය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් ගණනාවක්ම ඉහත ආර්ථික අර්බුදයේ ගොදුරු බවට පත්ව විරැකියාව, සමාජ සුබසාධන කප්පාදුව, කම්කරු නීති සංශෝධන, ණය පීඩනය ඇතුළු බොහෝ ප‍්‍රශ්න වලින් බැට කමින් සිටී. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට යෝජනා වී තිබීම, ඔබාමාගේ හදිසි බි‍්‍රතාන්‍ය සංචාරය ඇතළු තවත් බොහෝ සිදුවීම් මේ මොහොතේ සකච්ඡා මෙසයට පැමිණ තිබෙන මාතෘකාය.
මේ දිනවල විශේෂම අවධානය යොමුව ඇත්තේ ප‍්‍රංශය දෙසටය. ප‍්‍රංශ ආණ්ඩුව හදුන්වා දීමට යන කම්කරු නීති සංශෝධනත් සමග මෙම උද්ඝොෂණ රැල්ල කරලියට පැමිනියේය. එම සංශොධන හරහා දැනට පැය 35 ක්ව පවතින වැඩ සතිය දීර්ඝ කිරීමත්, කම්කරු ආරක්ෂණ නීති ලිහිල් කිරීමත් ඇතුලත්ය.
‘එල් කොම්රි’
‘එල් කොම්රි’ නමින් මෙම පනත් සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය. කම්කරු- සිසු එකාබද්ධතාවෙන් පැවැත්වෙන උද්ඝොෂණ මේ වන විට ලක්ෂ 12 කගේ පමණ සහභාගීත්වය ලබා ගැනීමට සමත්ව ඇත. ‘නොනිදන රාත‍්‍රිය’ ලෙස ඔවුන් මෙම උද්ඝොෂණ රැල්ල හදුන්වා ඇත. ඉදිරියේ පැවැත්වීමට නියමිත ප‍්‍රංශ ජනාධිපතිවරණයටද මෙම දේශපාලන රැල්ල බලපන බව පැහැදිලිය. දැනට ප‍්‍රධාන අපේක්ෂකයන්ව සිටින හොලන්ඬේට හා සාර්කොසිට ජනප‍්‍රසාදයේ බිඳ වැටීමක් ඇති බව මාධ්‍යය වාර්තා කරයි. කෙසේ වුවද මෙම උද්ඝොෂණ රැල්ල වාමවාදී ප‍්‍රවේශයකින් ඉදිරියට ගෙන යාම අභියෝගයක් ලෙස පවති.
‘පොඩමෝස්’ හා කෝබින්
යුරොපා කලාපයේ අනෙකුත් රට වල ඇතිවෙමින් ඇති ප‍්‍රවණතාද සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම පසුගියදා මැතිවරණය අවසන් වු ස්පාඤ්ඤයේ වර්ධනය වෙමින් ආ ‘පොඩමෝස්’ නැමැති නව දේශපාලන පක්ෂය ඡන්ද මිලියන 5ක්ද, එක්සත් වම ඡන්ද මිලියනයක්ද ලබා ගත්තේය. පොඩෙමොස් මෙම ඡන්ද ප‍්‍රමාණය ලබා ගන්නේ යම් කිසි පසු බෑමකටද ලක්ව සිටියදීය. එමෙන්ම ධනේෂ්වර පක්ෂ වල ප‍්‍රධාන ප‍්‍රහාරයට ලක්ව තිබුනේද පොඩමෝස් ඇතුළු රුඩිකල් කොටස්ය.
එමෙන්ම බි‍්‍රතාන්‍යය ලේබර් පක්ෂය තුල ජෙරමි කොබින්ගේ ඉස්මතු වීමද යුරෝ දේශපාලනයේ අවධානයට ලක්ව ඇති ප‍්‍රවනතාවකි. විශේෂයෙන්ම සුබසාධන කප්පාදුවට එරෙහිව වර්ධනය වූ කෝබින්ගේ අදහස් නොසිතු විරු ප‍්‍රතිචාරයක් අත් කර ගත්තේය. එක්සත් ජනපදය තුල වර්ධනය වෙමින් පවතින තත්වයන්ද අවධානයට ගැනීම අවශ්‍යය. එක්සත් ජනපද ලිබරල් පක්ෂයේ බර්නි සැන්ඩර්ස් ගේ ඉස්මතු වීමද සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨ හරහා සිදුවෙමින් ඇත.

වර්ධනය වෙමින් තිබෙන අර්බුදය යුරෝපා සංගමය බිඳි යාම දක්වාද ගමන් කල හැකි බව විශ්ලේශකයන් පෙන්වා දේ. දැනටමත් බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයේ රැඳීසිටීම පිළිබඳ ජනමත විචාරණයක් කැඳවා ඇත. ලෝක දේශපාලනය තුළ මේ මොහොතේ සිදුවන බලඅරගලයද මෙම වර්ධනයන්ට ඇතුලත්ය. විශේෂයෙන් එක්සත් ජනපදය හා චීනය අතර වන ගැටළුව සීතල යුද්ධයක් මෙන් ඉදිරියට ඇදෙමින් ඇත.
චීනයද- එක්සත් ජනපදයද

එම වර්ධනයන් ලංකාවේ දේශපාලනයටද සෘජු ලෙසම බලපාන බව පැහැදිලිය. මේ වනවිටත් ස්ථාවරභාවයකට පත් නොවු ලංකාවේ බල අරගලයද ඉහත ලෝක දේශපාලන ප‍්‍රතිවිරෝධයන් සමගද තියුණු ලෙස අන්තර් සම්බන්ධිතය. ලංකාව චීනය ප‍්‍රමුඛ කරගත් විදෙස් ප‍්‍රතිපත්තියක සිටිනවාද නැතිනම් එක්සත් ජනපදය මුල් කරගත් ප‍්‍රතිපත්තියක සිටිනවාද යන්න තීර්ණාත්මක ප‍්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ ඒ නිසාය.
කෙසේ වුවත් ලෝකය පුරාම වර්ධනය වෙමින් ඇත්තේ වර්ධනය වන ආර්ථික අර්බුදය පීඩිත ජනයා මත පටවන විසඳුම්ය. සුභසාධන කප්පාදුව, අධ්‍යාපන හා සෞඛ්‍යය සේවා පෞද්ගලීකරණය, කම්කරු නීති සංශෝධනය, අය-වැය හිඟය පියවීමේ නාමයෙන් බදු බර ජනතාව මත පැටවීම ආදී සියළු යොජනා ලොකය පුරාම පාලකයන්ගේ ගැලවුම්කරුව බවට පත්ව ඇත.
ලංකාවේද යෝජනා වී ඇති කම්කරු අඥා පනත් සංශෝධනයද, අධ්‍යාපනය හා සෙෘඛ්‍යය සේවාවන්හි ඉතිරියද විකුණා දැමීමටද, බදුබර ජනතාව මත පැටවීමටද එන යෝජනා එන්නේ ඉහත පසුබිම තුලින්ය.
කෙසේ වුවත් යුරෝපා දේශපාලනය තුල මතු වි ඇති මෙම නව ප්‍රවණතා පිළිබඳ අවසාන විග‍්‍රහයකට එළඹීම සඳහා කලබල විය යුතු නැත. නමුත් යුරෝපා ජනතාවගේ වාම නැඹුරුවක් වර්ධනය වෙමින් පවතින බව පැහැදිලි ලෙස පෙනෙන කරුණකි.
එය යම්තාක් දුරකට හෝ පංති අරගලයේ දෘෂ්ටියෙන් ඉදිරියට ගෙන යා හැකිද යන්න එම අරගලය තුල සිටින වාම දේශපාලන ව්‍යාපාර ඵෙතිහාසිකව විසඳිය යුතුය. එහෙත් මෙම වර්ධනයන් තුළ අපට උගත හැකි පාඩම් තිබේ. ජනතාවගේ සටන් ආකෘති ජන අරගල තුලින්ම වර්ධනය වන ආකරයද, දේශපාලන අර්බුදය හා ආර්ථික අර්බුදය හමුවේ ජනතාව සටන් කිරීම තොරාගැනීමත් යන පාඩම් ඊට ඇතුලත්ය.