තොරතුරු පනත ‘එට්කා ගිවිසුම‘ට වහන්තරාවක් විය හැකිය

2016.05.08.foi lanka

ඇමති මණ්ඩලයේ අනුමතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘තොරතුරු දැනගැනීමේ පනත‘ නීතිගත වුවහොත් ඉන්දු ලංකා ආර්තික හා තාක්ෂනික සහයෝගිතා (එට්කා) ගිවිසුම අත්සන් කරන්නට පෙරාතුව එහි ඇති කරුනු අධ්‍යයනය කිරීමට ජනතාවට ඇති අයිතිය අහෝසි වනු ඇත.

මේ බව හෙළිදරව් වූයේ යෝජිත තොරතුරු පනත සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමගය. යෝජිත තොරතුරු දැනගැනීමේ පනත  නිසා තම අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සහ එම අයිතිවාසිකම් උල්ලංඝනය කරන වගන්ති නීතිගතවීම වලක්වන ලෙස ඉල්ලා ලාංකිකයකු විසින් පසුගිය දා ශ්‍රේෂ්ටාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබිණි. එහිදී රජය වෙනුවෙන් කරුනු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ වෙනත් රටක් සමග කරන වෙළෙද ගිවිසුම් රටේ ආර්ථිකයට බලපාන නිසා එවැනි ගිවිසුම් පිළිබද තොරතුරු කල්තියා පිටවීම නිසා එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වියහැකි බවයි. එම තර්කය පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අදහස වූයේ තමන් ජිවත්වන රටේ ආණ්ඩුව විසින් අත්සන් කරන වෙළෙද ගිවිසුම් ගැන තොරතුරු දැනගැනීම පුරවැසියකු  ලෙස ඕනෑම පුද්ගලයකුට හිමි අයිතිවාසිකමක් වුවද එසේ හෙළිවීම නිසා අදාළ වෙළෙද ගිවිසුමට බලපෑමක් ඇති වුවහොත් එයින් සෙසු පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලඝනය වියහැකි බවයි.

දැනටමත් ආන්දෝලනයට තුඩු දීඇති ‘එට්කා ගිවිසුම‘ නිසා මෙරට ශ්‍රමයට හිමි වටිනාකම පහළ යනු ඇති බවත් ගිවිසුම ආවරණය කරන ක්ෂේත්‍රෙය් වැටුප් පරිමාණ පහත වැටීමෙන් ඇරඹී එය අදාළ වෙනත් ක්ෂෙත්‍ර දක්වා විහිද යා හැකි වැටුප් අවපාතනයක් ලෙස දාමගත විනාශකාරී බලපෑමක් ඇතිකරන බව පුරෝකථනය වී ඇත. යෝජිත තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත තුළ ඇති තොරතුරු නිකුත්කිරීම අවුරන වගන්ති නිසා නිසා ‘එට්කා‘ ගිවිසුම වැනි ද්විපාර්ශ්වික හෝ වෙනත් ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන්නට පෙර ඒවායේ අඩංගු තොරතුරු ජනතාවට දැනගැනීම අහුරනු ලබන බවට නීති ක්ෂේත්‍රෙය් අදහස වී තිබේ.

Leave a Reply