ගෘහස්ත ජල ගාස්තු මැයි මස 02 වැනිදා සිට වැඩිවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිකුත් කර ඇති චක්රලේඛයකින් හෙළිදරව් වී ඇත. මෙම ගාස්තු වැඩි කිරීමට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ බදු මුදල ඉහල නැංවීමයි. ගෘහස්ත කාණ්ඩය යටතේ ඒකක දහයක් පරිභෝජනය කරන නිවසකින් කලින් අයකළ මුදල වන රුපියල් 204.80ක මුදල නව බදු එකතු කළ විට එය රුපියල් 212 .18 ක් වේ. ඒකක 15ක් පරිභෝජනය කරන නිවසකට කලින් රුපියල් 309.69ක බිල්පතක් ලැබුණු අතර නව ගාස්තු ක්රමය යටතේ රුපියල් 320.85ක ගාස්තුවක් අය කෙරෙනු ඇත. ඒකක 20ක් පරිභෝජනය කරන නිවසකින් කළින් අයකළ මුදල රුපියල් 519.48ක් නව බදු එකතු කළ විට එය රුපියල් 538 .20කි. ගෘහස්ථ කාණ්ඩයේ ජල පරිභෝජනය ඒකක 30කට කළින් අයකළ ගාස්තුව වන රුපියල් 1520 .70 ගාස්තු වැඩිවුණු පසුව රුපියල් 1575 .50 දක්වා වැඩිවනු ඇත. ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 46ක් නල ජලය. භාවිත කරන්නන් නිසා මෙම බදු සංශෝධනය ජනතාවට දැඩිව බලපෑමක් කරනු ඇත.