ඊයේ ඉතාලියේ දකුණු දිග ප්‍රදේශයක් වන අපුලියාහි සිදුව ඇති අධිවේගී දුම්රිය දෙකක් ගැටී 25 දෙනෙකු මියගොස් තවත් විහාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
එසේ මියගිය හා තුවාල ලැබූ අය අතරින් වැඩි පිරිස එරට සංචාරකයන්ය. තවත් කිහිපදෙනෙකෙුම අසාධ්‍ය තත්වයේ ඇතැයිද වාර්තාවේ. ඉතාලියේ බාරි හා බාර්පෙට්ටා යන නගර දෙක අතර පවතින අධිවේගී දුම්රිය මාර්ගයක මෙම අනතුර සිදුව ඇත.
මෙම තනි දුම්රිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් මුහුණට මුහුණලා එකම වේලාවක දුම්රිය දෙකක් ධාවනය කිරීම මෙම අනතුරට හේතුව ලෙස වාර්තාවේ.
මේ දුම්රිය අනතුර පිළිබදව විශේෂ විමර්ශනයක් කරන ලෙස අනතුර සිදුව ඇති ස්ථානය නීරීක්ෂණයට ගිය අවස්ථාවේදී එරට අගමැතිවරයා පවසා ඇත.