ආබාධයට ලක්වුවත් උසේන් බෝල්ට් රියෝ යයි

usain_bolt

මෙවර බ්‍රසීලයේ රීයෝහි පවැත්වීමට නියමිත 2016 වසරේ ඔලිම්පික් උළෙල සඳහා සභාගිවන 63 දෙනෙකෙුගෙන් යුත් ප්‍රබල ජැමෙයිකානු මලල ක්‍රීඩා කණ්ඩායමට ආබාධයට ලක්ව ඇති උසේන් බෝල්ට්ගේ නමද ඇතුලත්ව අැතැයි වාර්තාවේ.

පසුගියදා එරට ජාතික තේරීම් තරගවලට සහභාගිවීමේදී උසෙන් බොල්ට්ගේ කකුළේ ආබාධයකට ලක්වීවීමෙන් පසුව මෙවර ඔලිම්පික් උලෙළ සඳහා ඔහුගේ සහභාගීත්වය යම් ගැටලු සහගත තත්වයක පැවැතුනි.

කෙසේ වෙතත් මේවනවිට 63 දෙනෙකුගෙන් සමන්විත ජැමෙයිකානු මලල ක්‍රීඩා කණ්ඩායමට  ආබාධයට ලක්ව සිටින උසේන් බෝල්ට්ගේ නමද ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති මෙම කෙටිදුර ධාවකයාගේ සුපිරි දස්කම් බලා ගැනීමේ අටියෙන් ලොවපුරා ක්‍රීඩා ලෝලීන් ඔහුගේ සහභාගීවීම ගැන මහත් විමසිල්ලෙන් පසුවෙති.

දැනට මීටර් 100 හා මීටර් 200 යන ඉසව්වල ලෝක වාර්තාවන්ට හිමිකම් කියන උසේන් බෝල්ට් ජැමෙයිකානු මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායමේ සාමාජිකයකුවේ.