අර්ජුන් ගියා කීවාට ගිහින් නෑ, ආයේ එයි!

Arjuna-Mahendran

ජනතා විරෝධතා නිසා සේවා දිගුවක් ලබා නොදී තනතුරෙන් පහකළ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ ආර්ථික කටයුතු මෙහෙයවීමේ කාර්යයෙන් ඉවත් නොකර වෙනත් තනතුරක් හරහා එය සිදු කිරීමට අගමැතිවරයා ක්‍රියා කරන බව වාර්තා වේ.

ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ආර්ථිකයට අදාළ වැදගත් භූමිකාවක් වන ‘ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ නම් නව තනතුරක් සඳහා පත් කිරීමට අගමැතිවරයා සැරසෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ. සිංගප්පූරුව සමඟ වන වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එළඹෙන 18 සහ 19 දෙදින තුල සිංගප්පූරුවේ සංචාරය කිරීමට ද නියමිත වේ.
මෙම තනතුර අගමැතිවරයාගේ සමීප මිතුරෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් හට ලබා දීමටනම් පාර්ලිමේන්තු කෝප් කමිටුව විසින් දැනට විමර්ශනය කරන බැඳුම්කර වංචාව සම්බන්ධ චෝදනාවෙන් ඔහු නිදොස් විය යුතුය. කෝප් කමිටුව සඳහා සුජීව සේනසිංහ පත් කිරීමට අගමැතිවරයා තීරණය කිරීම පසුපස මෙම අරමුණද ඇති බව වාර්තා වේ.

Leave a Reply