අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක් මාරු වෙයි

2016.07.13 public admin

අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංස්‌කෘතික ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයිද එම තනතුරු සඳහා අලුත් මුහුණු එක්‌කිරීමට රජයේ සූදානමක්‌ ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍යාංශ ලේකම්වරුන් ඉවත් කිරීමට ආසන්නම හේතුවක්‌ බවට පත්ව ඇත්තේ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ ඇති වූ ගැටලුව බව ද අමාත්‍යාංශ දෙක නිසි සම්බන්ධීකරණයකින් මෙම උළෙල සංවිධානය නොකිරීම අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන්ගේ වගකීම් පැහැර හැරීමක්‌ බව ද ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු පැවසු මුත් එම අර්බුදයේ සැබෑ හේතුව සංස්කෘතික කටයුතු සඳහා රාජ්‍ය අරමුදල් කප්පාදු කිරීම සහ අවිද්‍යාත්මක අමාත්‍යංශ විෂය බෙදීමයි. අකාර්යක්‍ෂමතාව, පරිපාලන නිලධාරීන් සමඟ ගැටලු ඇතිකර ගැනීම, වැඩ කටයුතු අවුල් කිරීම මෙන්ම ඇතැම් ගැටලු සඳහා නිසි ප්‍රතිචාර නොදැක්‌වීම නිසා මෙම අමාත්‍යාංශවල ලේකම්වරුන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි ආණ්ඩුව පවසයි. කෙසේ වෙතත් ආණ්ඩුවට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රනය මුළුමනින්ම මෙහෙයවාගැනීම මෙම මාරු කිරීම් වල සැබෑ අරමුණ බව අනාවරණය වේ.