“අපට වෙරළට ගොඩබසින්න ඉඩ දෙන්න, නැත්නම් මරා දමන්න“ – ලාංකික සරණාගතයන්ගේ කතාව

2016.06.18 Lanka refugees

“තමන් සිටින අසරණභාවය සලකා වෙරළට ගොඩබසින්න අවසර දෙන්න, එසේ නැතිනම් වෙඩි තබා මරාදමන්න“ යැයි ඉල්ලා සිටින්නේ ලංකාවෙන් ඕස්ට්‍රේලියාව බලා ගිය පිරිසකි. ඕස්ට්‍රේලියාව බලා යාත්‍රාකරමින් සිටියදී බෝට්ටුවේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔවුහු ඉන්දුනීසියාවේ, අචේ පළාතේ ලොක්නා වෙරළේ රැකවරණ ඉල්ලා සිටියහ. දින 6 ක් පුරා මෙම අවදානම් මුහුදු ගමනේ යෙදුණු  ලාංකික සරණාගතයින් 44 අතර බිළිදු විය නොඉක්මවූ දරුවන් ඇතුළු දරුවන් 9ක්, ගර්භනී මවක් ඇතුළු කාන්තාවන් සිටී.

ඉන්දුනීසියානු රජය සරණාගතයින්ට ආහාර සහ සෞඛ්‍ය පහසුකම් සැපයීමෙන් පසුව, මෙම ශ්‍රී ලාංකික සරණාගතයින් රැගත් යාත්‍රාව යළි  ජාත්‍යන්තර මුහුදට  හරවා යැවීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කර තිබේ.

ඔවුන් සතුව කිසිදු නීතිමය වාර්තාවක් නොතිබුණු හේතුවෙන් ඔවුන්ව සිය රටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කළ බව පොලිසිය උපුටා දක්වන ඉන්දුනීසියානු ජනමාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.
මේ අතර  ඔවුන් යළි අවදානමට ඇද දමමින් ජාත්‍යන්තර මුහුදට යැවීම නොකරන ලෙස ඉල්ලා යාත්‍රාවේ සිටි සරණාගතයින් ඉන්  පිටතට පනින ආකාරය සහ එරට බලධාරීන් ඉදිරියේ වැඳ වැටෙන  ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

2016.06.18 Lanka refugees1 2016.06.18 Lanka refugees2