ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් කැදවීමත් සමග හෙට(20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබේ.
ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප. සභාපති ලෙස මෛත්‍රීපාල පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධූරය දරමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාමාජිකයින්ට ද ආරාධනා කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ. මෙම සාකච්ඡාවේ දී දැනට කතාබහක් මතුව ඇති වැට් සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරනු ඇති බව වාර්තා වෙයි. වැට් සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කරන්නේ ද එසේත් නොමැති නම් විපක්ෂව ඡන්දය භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.
මීට අමතරව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ සිදුකෙරෙන සම්මුඛ පරීක්ෂණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. කෙසේවෙතත් ආසන සංවිධායක මට්ටමෙන් මෙබදු විශේෂ හමුවක් කැදවවීමේ සැබෑ අරමුණ වන්නේ ඉදිරි පළාත්පාලන මැතිවරණයේදී තමන්ගේ ශක්තිය උරගා බැලීම සදහා මහින්ද රාජපක්ෂ හිතවාදී කණ්ඩායම් දිනා ගෙන සමස්ත ශක්තිය පෙන්වීම බව ජනාධිපතිවරයාට සමීප ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් සිදුව තිබේ.
මෙම තත්වය තුළ ඒකාබද්ධ විපක්ෂය ඉදිරි සැලසුම් සාකච්ඡා කිරිමට මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ කැදවීමට හිටපු ජනාධිපතිවරයා සිය සමීපතමයන් සමග සාකච්ඡා කර තිබේ. එසේ වුවද රාජපක්ෂ හිතවාදීන්ටද අද දින ඇරැයුම් ලැබී ඇති නිසා අද සිදුවන්නේ කුමක්දැයි දැනනෙ සාකච්ඡා කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ විවිධ ඉදිරිපෙළ නායකයන් විසින් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබිණි. අද දින සාකච්ඡාවේදී ප්‍රකාශිත කරුණු අනුව ජනාධිපති මෛත්‍රිපාලගේ අරමුනු හා ඉදිරි ක්‍රියාමාර්ග දැනගන්නට හැකි බැවින් හෙට දින රැස්වීමට ඔවුහු තීරණය කළහ.