චීන ආයෝජන ක්‍රමයක් යටතේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කෙරෙන කාර්මික පුරවරය සඳහා ඉඩම් අක්කර 1000 ක් පැවරීමට යයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට අමතරව මොණරාගල, බළන්ගොඩ, කල්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනයාගේ ශ්‍රමය සදහා මෙම කාර්මික පුරවරයේ කර්මාන්ත ඇතිකිරීමට අපේක්ෂිතය.
අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයේදී සාකච්ඡාමය එකගතා ඇති කරගත් චීන රජයේ ආයෝජන මත හම්බන්තොට කේන්ද්‍ර කරගෙන මෙම වයාපෘතිය සැලසුම් කරනු ලබන්නේ කාර්මික පුරවරයක් ලෙසය. නව කාර්මික පුරය ස්ථාපිත කිරීමත් සමදග දැනට එක් ගුවන් යානයක් පැමිනෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට දිනකට ගුවන් යානා 40 ක් දක්වා එය වර්ධනය කරගැනීමට යෝජිතය. තෙල් පිරිපහදු දෙකක්, විදුලි බලාගාරයක්, නැව් අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් මෙහි ඉදිකිරීමට සැලසුම් කර ඇත.