ෆිදෙල්ල නෑ , ඒත් බැටිස්ටලා ඉන්නවා – ජනාධිපති කියයි

maithri-fidel

වර්තමාන ලෝකයේ ෆිදෙල්ලා නැති නමුත් බැටිස්ටලා සිටින බවත් ලෙනින්ලා මාක්ස්ලා නැති නමුත් සාර්ලා ඉන්න බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු මේ ප්‍රකාශය කලේ ‘සමාචාරය සදහා ආරාධනා‘ නමින් අද (02) ජනාධිපති මන්දිරයේ පැවැති ෆිදෙල් කස්ත්‍රෝ අනුස්මරණය අවස්ථාවේදීය. ජනාධිාපති මන්දිරය කිසිදාක සැමරුම් උත්සවයක් සිදුකර නැති බව පැවසූ ජනාධිපතිවරයා තමන් විසින් මෙවැනි සමරු උත්සවයකට ජනාධිපති මන්දිරය තෝරාගත්තේ ෆිදෙල්ට ගරු කිරිමට බවද කීය.

1978 හවානා නගරයේ පැවැති ලෝක තරුණ සමුලුවකට ශ්‍රිලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ අවස්ථාව සිහි කරමින් තමන් කස්ත්‍රෝ හමුවූවකු බවද ප්‍රකාශ කරන්නට ජනාධිපතිවරයා මෙම අවස්ථාව යොදාගත්තේය.

 

Leave a Reply