ඊයේ පැවැති ඉතාලි ජනමත විචාරණයෙන් බරපතල පරාජයක් අත්වීම හේතුවෙන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට ඉතාලි අගමැතිවරයා තීරණය කර ඇත.
ජනමත විචාරණයේදී එරට ව්‍යවස්ථාවට සංශෝධන කිහිපයක් ගෙන ඒමට එරට අගමැතිවරයාගේ අදහස විය. ජනමතවිචාරණයේ ප‍්‍රථිඵල වූයේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂ විසින් ගෙනගිය ව්‍යවස්ථා සංශෝධනය එපායැයි කියූ මතයයි.
මේ හේතුවෙන් ජනමත විචාරණයට පෙර සිටම එරට අගමැතිවරයා ප‍්‍රකාශ කළේ ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. ඒ අනුව ජනමතයේ ප‍්‍රතිඵල නිකුත්වු පසුව අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශ කළේය.
අගමැතිවරයා සහයෝගය ලබාදුන් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ලැබී තිබුනේ ඡන්ද 42-46%කි. එයට එරෙහිව ව්‍යවස්ථා සංශෝධනය එපා යැයි පවසා ඡන්ද 54-58 % ක් ප‍්‍රකාශ කර තිබුනි. මේ හේතුවෙන් ඉතාලි වත්මන් ආණ්ඩුව බරපතල දේශපාලන පරාජයක් ලබා ඇත.
යුරෝප සංගමය තුල තෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉතාලිය ජනමත විචාරණයෙන් පරාජයවීමත් සමග යුරෝව ඩොලරයට සාපේක්ෂව අවප‍්‍රමාණයවී ඇති බවද වාර්තාවේ.
Save
Save
Save