තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා අභාවප්‍රාප්ත වේ!

jayalalitha

තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් හෘදයාබාදයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ රාතී‍්‍ර 11.30 පමණ මියගොස් ඇතැයි වාර්තාවේ.

පසුගිය සැප්තැම්බර් මස 22 දින සිට ඇය ඇපලෝ රොහලේ අවස්ථා කිහිපයකදීම නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටියාය. එසේ ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටින විට ඊයේ ඇයට වැළදුණු හදිසි හෘද්‍යාබාදය හේතුවෙන් ඇයව එහි දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

ජයලලිතා ජයරාම් අවස්ථා කිහිපයකදීම තමිල්නාඩු මහ ඇමතිවරිය ලෙස කටයුතු කළාය. ඇය දේශපාලනයට පිවිසීමට පෙර දකුණු ඉන්දීය සිනමා කාර්මාන්තයේ අතිශය පනපි‍්‍රය නිලියක් ලෙසද ඉතා ජනපි‍්‍රයවී සිටියාය. ඇය 1960දශකයේ සිට 1980දශකය දක්වා වසර 20 කට ආසන්න කාලයක් සිනමා වෘත්තියේ රැදී සිටියාය. පසුව 1982 වසරේ සිට ඇය සමස්ත ඉන්දීය අන්නා ද‍්‍රවිඩ මුන්නේත‍්‍ර කසාගම් පක්ෂයට සම්බන්ධවී  සිය දේශපාලන කටයුතුවලට ආරම්භ කළාය. පසුගිය වසරේදී අයුතු ලෙස ආදායම් උපයාගැනීමේ චෝදනා මත සිරගත කරනු ලැබූ ඇය පසුව නිවැරදිකාරිය කරනු ලැබුවාය.  ඇය සිරගතකළ කාලය තුළ ඇගේ අනුගාමිකයන් කිහිප දෙනකු ඊට විරෝධය පළ කරමින් ගිනිතබාගෙන සියදිවි නසාගෙන තිබිණි.

68 හැවිරිදි වියේ පසුවූ ජයලලිතා මියයන විටත් එම පක්ෂයේ පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරමින් සිටියාය.

yayalalitha1 jayalalithaweb

Leave a Reply