හෝමියෝපති හරහා සයිටම් නීතිගත කරයිද – වාසුට සැකලු!

wasu

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පිළිනොගන්නා මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිය හෝමියෝපති සභාව මගින් පිළිගැනීමට ලක් කිරීමේ සැලැස්මක් තිබේදැයි වාසුදේව නානායක්කාර ඊයේ පාර්ලිමේන්තුවේදී විමසීය.

ඔහු මෙසේ විමසුවේ හෝමියෝපති පනත් කෙටුම්පත ඊයේ (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අවස්ථාවේදීය.
ර්‍

ඔබතුමා මේ කවුන්සිලයේ බලය අතට ගන්නේ සයිටම් එක මෙඩිකල් කවුන්සිල් එක පිළිනොගන්න නිසා හෝමියෝපති වෛද්‍ය සභාව හරහාවත් සයිටම් එක ගේන්නවත්ද? එහෙම සැකයක් තියෙනවා` යැයි වීවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසා සිටියේය.

මෙහිදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසූවේ තමන් ඒ සම්බන්ධයෙන් විෂයබාර අමාත්‍යවරයා ලෙස තමාට ඇති බලය පාවිච්චි කිරීමක් පමණක් නොව ඒ ගැන ඉඟියක්වත් මෙතෙක් දී නොමැති බවය. අවශ්‍යනම් ඒ ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති කාලෝ ෆොන්සේකා විමසන ලෙසද ඇමතිවරයා පැවසීය.

Leave a Reply