කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් අතවර කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ් බාරයේ සිටින 17 හැවිරිදි පාසල් සිසුවාට පොලීසිය පහරදී ඇතැයි ඔහුගේ නීතීඥයන් පසුගිය 28වැනිදා අධිකරණයට වාර්තා කළේ.
ඒ අනුව සැප්තැම්බර් 30දාඅධිකරණ නියෝගයක් මත ඔහුව මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එන් රහුල් හක් වෙත ඉදිරිපත් කරනු ලැබීය. මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ.රුවන් පතිරණ සැකකරුවන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නියෝග කර තිබෙන බව ජනරළ වාර්තා කරයි.
වජිර තෙන්නකෝන්