සිසු පා ගමනට පහරදීමට එරෙහිව වෘත්තීය සමිති පෙළ ගැසෙයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යය බල මණ්ඩලය විසින් පවත්වන ලද අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි පාගමනට එල්ල කරන ලද ප්‍රහාරයට එරෙහිව වෘත්තීය සමිති පෙළ ගැසේ. ප්‍රහාරය හෙළා දකින බවත් ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් වෘත්කීය සමිති නායකයෝ රැසක් ඊයේ ප්‍රකාශ කළහ.

ඊයේ දිනයේදී පැවැති (17) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව SAITM අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන  කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන ලදි.

එහිදී පොලිසිය විසින් පා ගමන නීති විරෝධී බව පවසමින් අධිකරණ නියෝග භාර දීමට උත්සාහ කලද සිසුන් එය ප්‍රතික්ෂේප කරමින් ඩී.ආර්. විජේවර්ධන මාවත, කොම්පඤ්ඤ වීදිය හරහා යූනියන් පෙදෙසට ලඟා වී බේබෘක් පෙදෙස උද්‍යාන මාවත ඔස්සේ විහාර මහා උද්‍යානයට ලඟා වුනි.

කෙසේ වෙතත් ස්ථාන ගණනාවකම මාර්ග පොලිස් බාධක යොදා අවහිර කර තිබුණි. විහාර මහා දෙවි උද්‍යානය හරහා පුරහල දෙසට පැමිණීමට උත්සාහ දැරීමේදී පළමු වරටද, නෙලුම් පොකුණ රඟහල අසල අනාන්ද කුමාරස්වාමි මාවතෙන් පුරහල දෙසට ගමන් කිරීමට උත්සාහ කිරෙමේදී දෙවන වරටද පොලිසිය විසින් සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කරන ලදි.

පසුව විහාර මහා දෙවි උද්‍යානයටද විශාල වශයෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විම හේතුවේන් එම ප්‍රදේශය වරෙක යුද පිටියක ස්වරුපයක් ගන්න ලදි.

කෙතරම් ප්‍රහාර එල්ල කලද සිසුන් අඛණ්ඩව විරෝධතාවයේ නිරත විය. මෙලෙස විරෝධතාවයේ නිරත වූ සිසුන් පසුව මහජන පුස්තකාලය ඉදිරිපිට ප්‍රදේශයේ රැළියක් පවත්වන ලදි.

මෙම පා ගමනට ලංකාවේ සියලු විශ්ව විද්‍යාල සහ,උසස් තාක්ෂණ ආයතන නියෝජනය කරමින් විශාල සිසුන් පිරිසක් සහභාගී විය.

මේ වන විට කඳුළු ගෑස් උණ්ඩ වැදීමෙන් සිසුන් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් සිසුන් 10 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවවටද වාර්තා වේ.

Leave a Reply