රුසියානු මැදිහත්වීම මගින් සිරියාවේ අැලෙප්පෝ නගරයේ සිරවී සිටි සිරියානු කුරලිකරුවන් පන්දහසක් පමණ සිය පවුල්වල සාමාජිකයින සමග ආරක්ෂිතව පිටවීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත.
මේ වන විට එම පිරිස් ඇලෙප්පෝ නගරයෙන් පිටවීම ආරම්භ කර ඇතැයි වාර්තාවේග
වසර පහකට වැඩි කාලයක් සිරියවේ දෙවෙැනි විශාලතම නගරයවූ ඇලෙප්පෝ නගර කැරලිකරුවන් විසින් තම පාලනයේ පවත්වාගෙන ගියේය.
නමුත් සිරියානු සිවිල් යුද්ධයට රුසියානු හමුදා මැදිහත්වීමත් සමග සිරියානු හමුදාවන්ට යුද්ධයේ වැඩි වාසිහිමිවියග සිරියානු හමුදාවන්ට සහායදුන් ඉරනයේ සහාය ලබන හිස්බුල්ලා හා තවත් සන්නද්ධ කණ්ඩායම් හා එක්ව සිරියානු හමුදා සිය මෙහෙයුම් දැඩි කෙරිනි.
ඔවුන්ට රුසියානු ගුවන් හමුදා සාහාය ලැබෙන්නට වීමත් සමග ඇලෙප්පෝ නගරයේ සිය බලය තවදුරටත් තබා ගැනීමට සිරියානු කුරලිකරුවන්ට නොහැකි විය.
මෙම තත්වයක් නිර්මාණය වීමෙන් පසුව සිය පවුල්වල සාමාජිකයින් සමග ආරක්ෂිතව පිටවීම හැර වෙනත් විකල්පයක් සිරියානු කැරලිකරුවන්ට ඉතිරි නොවුනි.