වෛද්‍ය උපාධිය විකුණන මාලබේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඊයේ (18) වැනිදා කලුතර නගරයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
සයිටම් වහා අහෝසි කරනු!
අධ්‍යාපනය අයිතියක්, වෙළඳ භාණ්ඩයක් නොවේ!
පාසල් තුළ ගාස්තු අය කිරීම නවතනු!
සරසවි බඳවාගැනීම් ඉහළ දමනු!
අධ්‍යාපනය ලාභය සඳහා නොවේ!
ශිෂ්‍ය මර්දනය වහා නවතනු!
යන සටන් පාඨ තේමා කරගෙන මෙම විරෝධතාවය පැවැත්විණි. එහිදී ජනතාව දැනුවත් කිරිමට පත්‍රිකාවක්ද බෙදා හරිනු ලැබිණි.



