සමහර ඇමැතිවරුත් මුල්‍ය කටයුතු ගැන දන්නෙ නෑ – රවි කියයි

ravi-karunanayake-lak-sathosa

රජයක් විසින් සිදුකරන මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් අවබෝදයක් ආණ්ඩුවේම ඇතැම් අමාත්‍යවරුන්ට නොමැති බවත් ඒ නිසාම එවැනි සමහරු නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීම කණගාටු වන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තේ මණ්ඩලයට අයත් විශාල මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාගන්නට සූදානමක් ඇති බව පවසමින් නවීන් දිසානායක ඇමැතිවරයා පසුගිය දිනවල ජනමාධ්‍ය හමුවේ චෝදනා කළේ මුදල් ඇමැතිවරයාටය. එසේ තමන්ගේ වගකීමට යටත් මුදල් අත්පත් කරගන්නවා නම් තමන් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවද ඔහු මෙමහිදී පැවසීය.

Leave a Reply