මහා පරිමාණ හෙරොයින් ජාවාරම් කිරීමට සම්බන්ධවීම හා හොරොයින් ළග තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව අද 14 දින ලබාදීමට නියමිත ඇත.
මෙම නඩුව හදිසි හා කඩිනමින් නඩු විභාගයක් ලෙස කොළඹ මහාධිකරණය විසින් අවසන් කළ අතර අද දින නඩුවේ තීන්දු ප්‍රකාශය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් ලබාදීමට නියමිතව ඇත.
වෙලේ සුදා අත්අඩංගුවපත්වීමෙන් පසු සිදු කළ හෙළිකළ තොරතුරුවලට අනුව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ ප්‍රබල දේශපාලඥයින්ල ප්‍රසිද්ධ නිලියන් හා ඉහළ පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගේ නම් හෙලිව තිබෙන බව මාධ්‍ය මගින් පසුගියදා වාර්තා කර තිබුනි.
නමුත් මේ දක්වා මෙසේ හෙළිවී ඇති පුද්ගලයන්ට එරෙහිව තවමත් නීතිය කි‍්‍රයාත්මක කිරීමට බලධාරීන් අසමත්ව ඇත.