විරෝධතාවකට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්

ශිෂ්‍යයන් සාමකාමී ලෙස විරෝධය දක්වන විට පොලිසිය යොදා පහරදී විරෝධතාවට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් සිදු කළ වරදක් බව නීතිඥ රෙක්සි පියදාස පවසයි.

පසුගිය 17 වැනිදා පැවති ශිෂ්‍ය විරෝධතාවට පහරදී ශිෂ්‍යයන් 8 දෙනකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ජනමාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම සේවාදායකයන්ට තමන් දරණ අදහස වෙනුවෙන් සාමකාමීව විරෝධය පෑමට අයිතියක් ඇති බවයි. විරෝධතා දැක්වීමේදී සාමකාමී ලෙස කටයුතු කිරීමට ව්‍යවස්ථාවෙන් අයිතිය ලබා දී ඇති බවත් එවැනි විරෝධතාවකට පහරදීම සහ අත්අඩංගුවට ගැනීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු පැවසීය.

රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කටයුතු කිරීම නිසා ඇති වූ අරගලය අවසන් වූයේ ශිෂ්‍ය ජීවිත 19ක් බිලිදීමෙන් බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. සයිටම් ආයතනය පිළිබද ගැටලුව වන්නේ උපාධිය විකුණන ධනවතකු හා අධ්‍යාපනය අයිතියක් ලෙස සළකන සාමාන්‍ය ජනතාවගේ දරුවන් අතර ප්‍රතිවිරෝධී ගැටුමක්නිසා මෙය උතුරු කොළඹ වෛද්‍ය පීඨ අරගලයට සමාන තත්වයක් බවද ඔහුපෙන්වා දෙයි. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර දෙන විසදුමක් නොව විරෝධයට ලක්ව ඇති ආයතනය සම්බන්ධ ආණ්ඩුවේ තීරණය වැදගත් බව එහිදී ඔහු පෙන්වා දුන්නේය. පෞද්ගලික ආයතනයකින් ලක්ෂ 120ක් ගෙවා උපාධියක් ගන්නට හැකි කාටදැයි අවබෝධයක් සිහිබුද්ධිය ඇති කෙනෙකුට තිබෙන අතර එවැනි අධයාපනය මුදලට දෙන ආයතනයක් නිසා තම බාල පරපුරට තමන් ලබන අධයාපන අයිතිවාසිකම් අහිමිවීම පිළිබද බියක් ඇතිවීම සාධාරණ මෙන්ම එම අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම යුක්ති සහගත බවද නීතිඥ රෙක්සි පෙන්වා දෙයි.

Leave a Reply