පසුගිය දිනවල සිට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට පුත්තලම, කොළඹ, මාතර, ගාල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල විසිදෙදාහකට වැඩි පිරිසක් අයහපත් කාලගුණ තත්වය නිසා පීඩාවට පත්ව සිටි බව වාර්තා විය.
දිස්ත්‍රික්ක 09 කට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 5956 කට අයත් පුද්ගලයන් 22502 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම පිරිසෙන් පවුල් 905 කට අයත් පුද්ලයන් 3174 ආරක්ෂිත නිවාස 31 රඳවා සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙවර අධික වර්ෂාව නිසා මිය ගිය සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, අතුරුදන් වී සිටින ප්‍රමාණය 07 කිග පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කළ නායයෑමේ හා පස්කඳු කඩා වැටීමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර බදුල්ල, නුවරඑළිය, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක ඊට ඇතුළත්ය.