ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපතිධුරයේ දිවුරුම් දෙමින් දක්ෂිණාංශයේ ජයග්‍රහණයක් වාර්තා කළද දහස් ගනන් ජනයා වාමාංහය සමග එක්සත් ජනපද නගරවල දක්ෂිනාංශික ජනාධිපතිවරයා තමන්ගේ නායකයා නොවන බව අවධාරනය කරමින් සටන්කාමී විරෝධයක් පල කළහ.
ලෝකයේ පවා දේශපාලන ගමන්මග දක්ෂිණාශය වෙත කැරකීම අඩාල වන තත්වයකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවාදය වැළදගත් වාම පක්ෂ දේශපාලන බලයට පත්වීම හා නැවත දක්ෂිනාංශයට පාර කපමින් ඔවුන් වේදිකාවෙන් බැස යාම දක්නට ලැබෙන බව ඇත්තකි. එහෙත් ලෝකයේ සියලු දෙසින් දක්නට ඇත්තේ ජනතා අපේක්ෂාවන් දක්ෂිනාංශය විසින් සුනු විසුනු කරණ බවයි. හැම අතින්ම අවමානයට හා අවවරප්‍රසාදයට පත්කෙරනෙ පීඩිතයන්ගේ අපේක්ෂා නංවන්නට සමත්වන්නේ සියලු පීඩිතයන්ගේ සමගියකින් ගොඩ නැගෙන ලෝක පරිමාණ සමාජ පරිවර්තනයකින් බවට අනාවැකි කියනු ලැබුවේ මීට වසර 170ට පෙරාතුවය. 1848 කොමියුනිස්ට් ප්‍රකාශනය ලියැවුනේ ලෝක පරිමාණයෙන් පීඩිත ජනයාගේ විමුක්තිය උදෙසාය. එදා වනවිට එම අදහස් ගර්හාවට ලක් කෙරැණා. එහෙත් ඉන් වසර 70කට පසුව එනම් මීට සියවසකට පෙර සෝවියට් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණයත් සමග ඒ බව සනාථ කෙරුණා.
ලංකාවේ දේශපාලනය තුළ හැමදාම එකම කාසියේ දෙපැත්ත වගේ තිබෙන එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මාරුවෙන් මාරුවට ඉහළට එසවෙනවා. හැම මැතිවරණයකදීම මේ දෙකෙන් අඩු නපුර තෝරා ගැනීම ගැන සාකච්ඡුාවක් එනවා. නපුරු දෙකකින් අඩු නපුර හොයනවා වෙනුවට නපුර පරදවන වමේ දේශපාලනයක් තෝරා ගමු කියලා යෝජනා වෙන හැම වාරයකම බහුලව නැගෙන ප‍්‍රශ්නයක් තිබෙනවා
‘වමේ දේශපාලනය අප‍්‍රායෝගිකයි නේද? ඒක ලෝකේ හැම තැනින්ම ප‍්‍රතික්ෂේප වෙලා නේද? ලෝකේ කොහෙවත් නැති දෙයක් ලංකාවේ කරන්නේ කොහොමද?‘
මේ කතාව ඇත්තද? ඇත්තටම ලෝකෙන් වමේ දේශපාලනය ප‍්‍රතික්ෂේප වෙලාද? දැන් රැුල්ල තියෙන්නේ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිපත්තියටද? (ආණ්ඩුව කියන්නෙත් දැන් ලෝකය යන්නේ නව ලිබරල් පැත්තට නිසා ඒ රැුල්ලටම යන්න වෙනවා කියලා) මේ කතාව කියන්නේ එක්කෝ ලෝකයේ වෙන දේවල් මොකුත් දන්නේ නැති ලිං මැඩියෝ. එහෙමත් නැතිනම් ලංකාවේ ජනතාව රවට්ටන්න බොරු කියන වංචනිකයෝ. ගෙවීගිය වසරේ ලෝකය පුරා හමාගිය වාමාංශික දේශපාලන රැුල්ල පිළිබඳ උදාහරණ විශාල සංඛ්‍යාවකින් ප‍්‍රධානතම එකක් දෙකක් අපි විමසා බලමු. ලෝක මට්ටමින් සමාජවාදය ප‍්‍රතික්ෂේප වෙනවා නොව එය විකල්පය ලෙස පිළිගෙන සමාජවාදය ඉල්ලා සිටින ජන මතයක් ගොඩ නැගෙමින් තිබෙන බව එවිට අපට තේරුම් ගන්න පුළුවන්.
ලොව වටා වමේ අරගල
මුලින්ම මෙය නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ වලට එරෙහි පැනනැගුනු දැවැන්ත විරෝධතා ලෙස ආරම්භ වුණා. අපි නිදසුනක් ලෙස 2016 වසරේ පැනනැගුනු එවැනි අරගල විශාල සංඛ්‍යාවකින් ප‍්‍රධාන කිහිපයක් විමසා බලමු. අමෙරිකා එක්සත් ජනපදයේ වෙරිසන් විදුලි සංදේශ ඒකාධිකාර සමාගමට එරෙහි ව කම්කරුවන් 39,000ක් සම්බන්ධ වූ වර්ජනය වසර ගණනක් තුල විශාලතම අමෙරිකානු කම්කරු අරගලය ලෙස ඉතිහාසගත වුණා. අමෙරිකාවේ ඩිට්‍රොයිට් හා අනෙකුත් නගරවල ගුරුවරුන් සිදුකළ වර්ජනය සාර්ථකම එකක් ලෙස විශාල බලපෑමක් ඇති කළා. මිචිගන්හි ෆ්ලින්ට් නගරයේ ජල සැපයුමට වස එකතු වීමට එරෙහි විරෝධතාවය මෙන්ම නිරායුධ කම්කරුවන් හා තරුණයන් පොලීසිය විසින් ඝාතනය කරනු ලැබීමට එරෙහි විරෝධතා 2016 වසරේ එක්සත් ජනපදය කළඹාලූ අරගල. බි‍්‍රතාන්‍යයේ ‘සදර්න් රේල්’ දුම්රියසේවා වැඩවර්ජනය ඉතිහාසයේ ප‍්‍රමුඛතම වැඩවර්ජන අතරට එකතු වුනා. චීනයේ ගුවන් සේවක වැඩවර්ජනය 2016 වසරේ තීරණාත්මක වැඩවර්ජනයක්. මේ අතරින් වැදගත්ම එක ඉන්දියාවේ සිදුවුණා. 2016 සැප්තැම්බර් 2වැනිදා නව ලිබරල් ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව ඉන්දියානු කම්කරුවන් දියත් කළ එක්දින සංකේත වැඩවර්ජනයට කම්කරුවන් මිලියන 150-180 අතර සංඛ්‍යාවක් සහභාගී වුනු බව වාර්තා වුණා. එය ලෝක ඉතිහාසයේ වැඩිම කම්කරුවන් ප‍්‍රමාණයක් සහභාගී වූ වැඩවර්ජනය ලෙස පොදුවේ පිළිගැනෙනවා. එම වැඩවර්ජනය දියත් වුනේ මෝඩි ආණ්ඩුව දියත් කළ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය, කම්කරු නීති කප්පාදුව, විශ‍්‍රාම වැටුප් අහෝසිය, පුද්ගලික අංශ සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් මංකොල්ලය වැනි ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව. පසුගිය වසරේ මාස හයක් තිස්සේ ක‍්‍රියාත්මකවූ මෙක්සිකෝවේ ගුරුවරුන්ගේ අරගලය නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් ඉල්ලා කළ දැවැන්ත අරගලයක්. 2016 සැප්තැම්බරයේ ආරම්භ වුනු දකුණු කොරියාවේ හයුන්ඩායි සමාගමේ වැඩවර්ජනය එම සමාගමේ ඉතිහාසයේ විශාලතම වැඩවර්ජනය. 2016 අගෝස්තු 8වැනිදා සම්මත කළ ප‍්‍රංශයේ ‘එල් කොම්රි’ පනතට එරෙහිව ප‍්‍රංශ කම්කරුවන් දියත් කළ ‘නොනිදන රාත‍්‍රී‘ නගර අත්පත් කර ගැනීමේ ව්‍යාපාරය කම්කරුවන් මිලියන ගණනක් සහභාගී වූ දැවැන්ත අරගලයක් වුනා. මේ අරගල වලින් සමහරක් ඉහළ යන ජීවන බරට එරෙහිව වැටුප් වැඩිකර ගැනීම සඳහා කළ අරගල වන අතර තවත් ඒවා නව ලිබරල් ධනවාදී වැඩපිළිවෙළෙහි අංගවලට එරෙහි අරගල.
නව ලිබරල් ධනවාදයට එරෙහිව සටන්බිමේ පැනනැගුනු මේ අරගලයේ බලපෑම මැතිවරණ බිමටත් පැතිරුණා. ග‍්‍රීසියේ වාමාංශික පක්ෂ එකතුවී ගොඩ නැගු ‘සයිරිසා’ ව්‍යාපාරය 2015 ජනවාරි 25වැනිදා පැවැත්වූ මහමැතිවරණයෙන් ජයග‍්‍රහණය කර ආණ්ඩුවක් පිහිටවූවා. එය තුළ වාමාංශික සහ දක්ෂිණාංශික කොටස් අතර අරගලය දිගටම සිදුවෙමින් පවතිද්දීම ග‍්‍රීක වැඩකරන ජනතාවගේ පුළුල් සහයක් එයට හිමිව තිබෙනවා. 2015 සැප්තැම්බර් 20වැනිදා නැවත පැවැත්වූ මැතිවරණයෙන් ‘සයිරිසා’ නැවත ජය ගැනීමෙන් එය තහවුරු වෙනවා. 2014 වසරේදී ස්පාඥ්ඥයේ ගොඩ නැගු ‘පොදෙමොස්’ ව්‍යාපාරයත් මෙවැනිම පුළුල් ජනප‍්‍රියත්වයක් හිමි කර ගනිමින් සිටිනවා. 2014 මැතිවරණයේදී 8%ක ඡුන්ද ලැබූ එය 2015 මැතිවරණයේදී 21%ක් ඡුන්ද ලබා, පාර්ලිමේන්තු ආසන 69ක් සමග ස්පාඥ්ඥයේ ද්විපක්ෂ දේශපාලනය අවසන් කළා. ‘පොදෙමොස්’ ගැන කවර දේශපාලන විවේචන තිබුණත් එය වාමාංශික දේශපාලනය වෙනුවෙන් ස්පාඥ්ඥ ජනතාවගේ ඉහළයන උනන්දුවේ පිළිබිඹුවක්.
ඇතැම් රටවල මේ ව්‍යසනයට එරෙහි ප‍්‍රතිපත්ති මත සහ එකම විසඳුම සමාජවාදය ලෙස ඉදිරිපත් කළ ව්‍යාපාර මැතිවරණ වලින් ඉදිරියට ආවා. ඒ පිළිබඳ උදාහරණ ගණනාවක් අතරින් අපි ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බි‍්‍රතාන්‍යයේ උදාහරණ සලකා බලමු.
අමෙරිකා එක්සත් ජනපදය
2016 නොවැම්බර් 8වැනිදා පැවැත්වුණු එක්සත් ජනපද ජනාධිපතිවරණය ලංකාවේත් සැලකිය යුතු මාධ්‍ය අවධානයක් දිනා ගත්තා. අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට එක් එක් පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් සිදු කෙරෙන්නේ පාක්ෂිකයන් අතර පවත්වන ඡන්ද විමසීම් වලින්. ඒවාත් ප‍්‍රචාරක කටයුතු කරමින් ප‍්‍රසිද්ධියේ පැවැත්වෙනවා. ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා වීම සඳහා හිලරි ක්ලින්ටන් සහ බර්නි සෑන්ඩර්ස් අතර තියුණු තරඟයක් ඇතිවුණා. බර්නි සෑන්ඩර්ස් සිය මැතිවරණ ප‍්‍රතිපත්තිය ලෙස ඉදිරිපත් කළේ ‘සමාජවාදය‘. ඔහු 2008 ලෝක ආර්ථික අවපාතයෙන් පසු පීඩාවෙන් පීඩාවට පත්ව සිටින අමෙරිකානුවන්ට විකල්පය ලෙස ඇත්තේ සමාජවාදය පමණක් බව පවසද්දී ඒ සඳහා විශාල ජනතා සහයෝගයක් ලැබුනා. ඔහු සිය ප‍්‍රතිපත්ති පදනම් කරගන්නේ ‘1%ක් වූ ප‍්‍රකෝටිපතියන් වෙනුවෙන් නොව බහුතරය වූ වැඩකරන ජනතාව මත‘ බව පැවසුවා.
මේ ප‍්‍රතිපත්ති වලට දැවැන්ත ජනතා සහයෝගයක් පැමිණියා. අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ප‍්‍රථම වරට ‘සමාජවාදය‘ ඉල්ලා ජනතා උද්ඝෝෂණයක් පැන නැගුනා. හිලරි ප‍්‍රාන්ත 34ක් ජය ගනිද්දී බර්නි සෑන්ඩර්ස්ට කොලරාඩෝ, ඔක්ලොහාමා, මිචිගන්, ඇලස්කා, ඉන්ඩියානා වැනි ප‍්‍රධාන ප‍්‍රාන්ත පමණක් නොව වොෂින්ටන් වැනි මහා නගරත් ඇතුළු ප‍්‍රාන්ත 23ක ජය හිමිවුණා. ඩිමොක‍්‍රටික් පාක්ෂිකයන් අතර හිලරි ක්ලින්ටන් 55.2%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ගනිද්දී බර්නි සෑන්ඩර්ස් 43.1%ක තරඟකාරී ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්තා. බර්නි සෑන්ඩර්ස් ඉදිරිපත් කළ ප‍්‍රතිපත්තිය සැබෑ ලෙසම සමාජවාදයද, එසේත් නැතිනම් සුබසාධන ධනවාදයක්ද යන ප‍්‍රශ්නය තිබෙනවා. ඒ වගේම ඔහු කළේ වාමාංශික විකල්පයක් ශක්තිමත් කිරීමද, එහෙමත් නැතිනම් සැබෑ වාමාංශික විකල්පයක් දුර්වල කරන්න සමාජවාදය ඉල්ලා සිටින ජනතාව ඩිමොක‍්‍රටික් පක්ෂය තුළම ගාල් කිරීමද යන ප‍්‍රශ්නයත් තිබෙනවා. ඒ කොහොම වුනත් ජනතාවගේ පැත්තෙන් සමාජවාදය වෙනුවෙන් විශාල ඉල්ලූමක්, එය එකම විකල්පය ලෙස පිළිගැනීමක්, වාමාංශික දේශපාලනයට රැුල්ලක් ගොඩ නැගුනු බව ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.
බි‍්‍රතාන්‍යය
බි‍්‍රතාන්‍යයේ තට්ටුමාරු ක‍්‍රමයට රට පාලනය කරන පක්ෂ දෙකින් එකක් වන බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂය තුලිනුත් එක්සත් ජනපදයේ මෙන්ම වමේ රැුල්ලක් පැනනැගී තිබෙනවා. 2015 වසරේදී පැවැත්වූ මහමැතිවරණයෙන් කම්කරු පක්ෂය පරාජය වීමත් සමග එහි නායකයාව සිටි මිලිබෑන්ඞ් නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. ඒ සමග කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා වන නිලවරණයට ජෙරමි කෝබින් ඉදිරිපත් වුණේ වාමාංශික ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරමින්. බි‍්‍රතාන්‍ය ජනතාව මුහුණදී සිටින ප‍්‍රශ්න සහ අර්බුද වලට එකම විසඳුම සමාජවාදය බව ඔහු පවසද්දී ඒ සඳහා ඇදහිය නොහැකි ජනතා අනුග‍්‍රහයක් හිමි වුණා. 2015 සැප්තැම්බර් 12වැනිදා ජෙරමි කෝබින් බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වුණේ ඡුන්ද 59.5%ක ප‍්‍රතිශතයක් ලබමින්. එය 1994දී ටෝනි බ්ලෙයාර් ලැබූ ප‍්‍රතිශතයටත් වඩා වැඩි අතර කම්කරු පක්ෂ ඉතිහාසයේ නායකයෙකු ලැබූ ඉහළම සාමාජික අනුමැතිය ලෙස සැලකෙනවා. කම්කරු පක්ෂ සාමාජිකයන් පමණක් නොව වෘත්තීය සමිති ඇතුළු බි‍්‍රතාන්‍ය වැඩකරන ජනතාවගේ පුළුල් කොටස්වල සහය ඔහුට ලැබුණා.
මෙලෙස සහය ලැබීම සඳහා ඔහු ඉදිරිපත් කළේ ‘කප්පාදු විරෝධී‘ ප‍්‍රතිපත්තියක්. ඔහු ප‍්‍රධාන වශයෙන්ම ජනතාවගේ බදු බර අඩු කර ධනපතියන්ට බදු ගැසීමේ යෝජනාව ඉදිරිපත් කළා.
එමෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය වෙනුවෙන් වගේම ලාභ අපේක්ෂාවෙන් තොර පොදු ප‍්‍රවාහන සේවයක් වෙනුවෙන් පෙනී සිටියා. දැනට පුද්ගලීකරණය කර තිබෙන බි‍්‍රතාන්‍ය දුම්රිය සේවය සහ බලශක්ති ක්ෂේත‍්‍රයේ ආයතන යළි රජයට පවරා ගැනීමටද, රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලිකකරණය කිරීම අත්හිටුවීමටද ඔහු කළ යෝජනා වලට දැවැන්ත ජනතා සහයක් හිමි වුනා. පැයක වැඩ කාලයක් සඳහා පවුම් 3ක අවම වැටුප සමග කම්කරු නීති ශක්තිමත් කිරීම ඔහුගේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තියක්.
බර්නි සෑන්ඩර්ස් ගැන කීවා මෙන්ම ජෙරමි කෝබින් සමාජවාදියෙක්ද, ඔහුගේ ප‍්‍රතිපත්ති සැබෑ සමාජවාදී ප‍්‍රතිපත්තිද යන්න ගැන විවාද තිබෙනවා. නමුත් වඩා වැදගත් වන්නේ බි‍්‍රතාන්‍ය ජනතාව අතර සමාජවාදය සඳහා වන උද්යෝගයක් ගොඩ නැගී වාමාංශික දේශපාලනය ජනප‍්‍රිය වීම. මෙවැනි නිදසුන් ලෝකයේ හැම තැනින්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මේ විරෝධතා වල සහ වාමාංශික වැඩපිළිවෙලවල විවිධ අඩුපාඩු සහ ප‍්‍රශ්න තිබුණත් ජනතාවගේ පැත්තෙන් ඒවාට හිමි වන සහය සමාජවාදය විකල්පය ලෙස පිළිගන්නා ලෝක ජන මතයක පිළිබිඹුවක් බව කාටවත් ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ නිසා ලෝකයේ ගත්තොත් රැුල්ල තිබෙන්නේ ආණ්ඩුව කියන ආකාරයට නව ලිබරල් ධනවාදයට හෝ කප්පාදු පිළිවෙත් වලට නෙවෙයි. රැල්ල ගොඩ නැගෙන්නේ ඒවාට එරෙහිව. ලෝක දේශපාලනය වමට කරකැවෙමින් තිබෙනවා. අපි යෝජනා කරන්නේ ලෝකයේ කොහෙවත් නැති දෙයක් ලංකාවේ කරන්න නෙවෙයි. ලෝකය පුරා ශක්තිමත් වෙමින් යන සමාජවාදී විකල්පය ලංකාවෙත් ශක්තිමත් කරන්න.
ගෙවී ගිය 2016 වසර සමාජවාදය අසාර්ථක බවට ගොඩනැගු ප‍්‍රතිගාමී මතය පරාජය කර, අසාර්ථක වී ඇත්තේ ධනවාදය සහ අධිරාජ්‍යවාදය බවත්, එයට එකම විකල්පය සමාජවාදය බවත් තහවුරු කළ වසරක්.

People gather in the main square of Madrid during a Podemos (We Can) party march in Madrid, Spain, Saturday, Jan. 31, 2015. Tens of thousands of people, possibly more, are marching through Madrid’s streets in a powerful show of strength by Spain’s fledgling radical leftist party Podemos (We Can) which hopes to emulate the electoral success of Greece’s Syriza party in elections later this year. Supporters from across Spain converged onto Cibeles fountain before packing the avenue leading to Puerta del Sol square. Podemos aims to shatter the country’s predominantly two-party system and the “March for Change” gathered crowds in the same place where sit-in protests against political and financial corruption laid the party’s foundations in 2011. (AP Photo/Andres Kudacki)

epa04870517 Members of the Jammu and Kashmir police forces clash with activists from the Jammu All India Institute of Medical Sciences (AIIMS) Coordination Committee during a strike in Jammu, the winter capital of Kashmir, India, 03 August 2015. AIIMS Coordination Committee, an amalgam of more than 70 social, religious, political and business organisations called for a shutdown to protest the People’s Democratic Party (PDP) and Bhartiya Janata Party (BJP) coalition government, demanding an AIIMS be established in the Jammu region. EPA/JAIPAL SINGH

Distant view of crowds during mass demonstration of students and workers during general strike in Paris on May 13, 1968. Picture was taken on Rue De Turbigo with the Place de la Republique in the background. (AP Photo/Eustache Cardenas)

