හොර උපාධි කඩේ නීතිගත කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක්

මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය විකිනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම පිණිස සායනික පුහුණු කටයුතු කර ගැනීමට මුල්ලේරියාව, හොරණ හා අවිස්සාවෙල්ල රෝහල්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙසේ‍ මුල්ලේරියාව, හොරණ හා අවිස්සාවේල්ල රෝහල් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කර එය ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි නිර්දේශ කර ඇත්තේ සයිටම් ආයතනය නිසා උද්ගත.ව ඇති ගැටලු විමසා බැලීමට පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් මගිනි. මෙම වැඩ පිළිවෙල හරහා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ රෝහලක් බවට පත්කරන මුවාවෙන් මෙම ඒකාබද්ධ රෝහ‍ලේ පවතින මහාචාර්ය ඒකක පහේ සේවය කරන මහාචාර්යවරුන්ට සයිටම් ආයතනය මගින් වැටුප් ලබා දෙනු ඇති අතර දැනට පවතින් නීතිමය හා වෙනත් බාධා නොසළකා සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධිය විකිනීමෙන් පුහුණුකරන වෛද්‍යවරුන් පිලිගැනීමට එමගින් වෛද්‍ය සභාවට සිදුවනු ඇත. එහිදී යෝජිත ඒකාබද්ධ රෝහලේ සේවයට එන මහාචාර්යවරුන්ට සයිටම් ආයතනයෙන් වැටුප් ගෙවන්නටත් අනෙකුත් අංශ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වැටුප් ගෙවන්නටත් හැකි බව යෝජනා වී තිබේ.

Leave a Reply