ලයනල් මෙසීගේ දඩුවම් කාලය දඩමුදලකට යටත් කරයි. ආජන්ටිනා පාපන්දු තරුවක් වන ලයනල් මෙසීට හා සිය පියා විසින් ස්පාඤ්ඤයේ හා ආජන්ටිනා රජයට ගෙවිය යුතු බදුමුදල් නොගෙවා හැරීම හේතුවෙන් ස්පාඤ්ඤය අධිකරණය විසින් ඔවුන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුනි.
2007-2009 යන වසරවල ලයනල් මෙසී හා ඔහුගේ පියා විසින් යුරෝ මිලියන 4.1ක් ගෙවීම පැහැර හැරීම ඔවුන්ට එරෙහිව චෝදනා විය. එම නඩු විභාගයෙන් පසු වරදකරුවන්වීමෙන් පසුව ඔවුන් දෙදෙනාට සිර දඩුවම් නියමකර තිබුනි. මෙම දඩුවම් කාලය ලයනල් මෙසීට මාස 21ක්ද ඔහුගේ පියාට වසර දෙකක් ලෙස නියම කර තිබුනි.
ලයනල් මෙසී ස්පාඤ්ඤ අධිකරණයට කරන ලද අභියාචනයද ප්රතික්ෂේප විය. නමුත් පසුව ුධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිය දඩුවම් කාලයට සරිලන ලෙස දඩ මුදලක් ගෙවා සිය සිර දඩුවමින් මිදීමට සමත්ව ඇත.
මීට පෙර සිය පියා විසින් ඔහුට නියම කර තිබූ දුඩ මුදලින් කොටසක් ගෙවීම හේතුවෙන් ඔහුගේ වසර දෙකක දඩුවම් කාලයටද අදාල ඉතිරි දඩමුදලද ගෙවීමට හැකිවනසේ අධිකරණය ඉඩ සලසා දී ඇත.
ලයනල් මෙසීට දඩ වශයෙන් යුරෝ මිලියන 2ක්ද සිය පියාට යුරෝ මිලියන 1.5 ගෙවීමට සිදුවිය.