ලංකාව ‘ලෝක සාගිනි දර්ශකයේ‘(GHI) රටවල් 118ක් අතුරින් 87 වැනි ස්ථානයට පත්ව ඇත.
‘සංවර්ධනය වෙමින් පවතින‘ යනුවෙන් හදුන්වන රටවල් 131 අතර දිලිදුකම හා මන්දපෝෂණය පිළිබද දත්ත ඇසුරින් සකස් කරනු ලබන මෙම දර්ශකය සදහා අධ්‍යයනයකට පසුව රටවල් 118ක් ඇසුරින් 87වැනි තැනට පත්ව ඇත. මෙම දර්ශකය සදහා ගනු ලබන නිර්ණායක ලෙස මන්දපෝෂන තත්වයේ ව්‍යාප්තිය, වයස 5ට අඩු දරුවන් අතර අත්හැරදැමූ හෝ සූරාකෑමට ලක්වූවන් සහ ඔවුන් අතර ළදරු මරණ අනුපාතය අධ්‍යයනයේදී යොදා ගෙන ඇත.
2008 වසරේ ගනනය කරනු ලැබූ විට 24.4ක අගයක් සහිත වූ ලංකාව 2016 ගණනය කිරීම් අනුව 25.5 දක්වා පහතට වැටී ඇත.