ලංකාව චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එකඟවේ

2016.07.09 ranil china

චීනය සහ ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා කඩිනමින් අවසන් කර එම ගිවිසුමට එළැඹීමට එකඟතාවක් ද ඇතිකරගෙන ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඊයේ (08) විශේෂ නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යි සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර අතර කෙරුණු සාකච්ඡාවේදී මෙම එකඟතාව ඇතිකරගත් බව එම නිවේදනයේ දැක්වේ. අද උදෑසන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ චීන විදේශ ඇමතිවරයා අතර සාකච්ඡාවක් සිදු කෙරිණි. එහිදීද දෙරට අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව වාර්තාවේ.
නිදහස් වෙළඳ ගිවිසුම් මගින් යම් රටක් තුළ සිදු කෙරෙන සුළු පරිමාන සහ මධ්‍ය පරිමාන නිෂ්පාදන සඳහා පනවා ඇති වෙළඳ බාධක ඉවත් කෙරේ. මෙසේ ලබාදෙන තීරු බදු ප්‍රතිසංස්කරණ නිසා චීනය වැනි දැවැන්ත ආර්ථිකයක් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලංකාවට ආර්ථික අවදානමක් ඇති වීමට නියමිතය. ජාත්‍යන්තර වෙළඳාම සඳහා තිබෙන වෙළඳ සීමාවන් ඉවත් කිරීම ඩොලර් බිලියන 1.5ක ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආණ්ඩුවට පනවා ඇති ප්‍රධාන කොන්දේසියකි.

Leave a Reply