ලංකාවේ මූල්‍ය තත්වය ඉතා අවදානම් – ලෝක බැංකු උප සභාපති කියයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්වය ඉතාමත් අවදානම් තත්වයක පවතින බව ලෝක බැංකුවේ උප සභාපති යාන් විල්සර් ප්‍රකාශ කර සිටී. 

මෙයට හේතුව ලෙස ඔහු ප්‍රකාශ කරන්නේ ලංකාවේ බදු ආදායම ඉතා පහල මට්ටමක පැවතීමයි. ඒ නිසා බදු සංශෝදන හරහා රාජ්‍ය බදු අදායම ඉහල නංවා ගැනීමත්, විදේශ ආයෝජන ගෙන්වා ගත හැකි වෙන අයුරින් යටිතල පහසුකම් නිර්මාණය කරගැනීමත් සිදු කල යුතු බව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින ලදී.

වත්මන් හවුල් ආණ්ඩුව විසින් මැතිවරණ සමයේදී ප්‍රකාශ කළේ ආදායම් ඉහළ ව්‍යාපාරිකයන් වැනි කණ්ඩායම් මත පනවන ඍජු බදු වැඩි කරමින් සාමාන්‍ය පහළ ආදායමක් සහිත ජනතාව මත පටවා ඇති වක්‍ර බදු බර අඩු කරන බවයි. නමුත් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවල උපදේශකත්වය යටතේ පසුගිය අයවැය යෝජනා මගින් ආන්ඩුවේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය වූයේ නැත. තවදුරටත් මෙරට ජනතාවගේ ආහාරද්‍රව්‍ය, ඖෂධ, ඇදුම් ඇතුළු එදිනෙදා පරිභා්ජනය කරන භාණ්ඩ හා සේවාමත පනවා ඇති වක්‍ර බදු හරහා රාජ්‍ය බදු ආදායමෙන් 80%ක බදු ආදායමක් උපයා ගනී. ධනපතියන් මත පනවා ඇති ආදායම් බදු වැනි ඍජු අයකිරීම්වලින් උපයා ගන්නේ ආණ්ඩුවේ බදු ආදායමෙන් 20%ක් පමණි.

Leave a Reply