ශිෂ්‍ය පාගමනට එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළා දකිමු – පෙසප
Posted on 05.18.2017 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
ශිෂ්‍ය පා ගමනට එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළා දකින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසත් අධ්‍යාපනය පෞද්ගලිකකරණය නතර කරන ලෙසත් සරසවි බඳවා ගැනීම් ඉහළ දමන ලෙසත් බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා පා ගමනට පොලිසිය යොදවා රජය විසින් එල්ල කරන ලද ම්ලේච්ඡු ප‍්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙස බල කරමින් වසර ගණනාවක් තිස්සේ ශිෂ්‍ය ව්‍යාපාරයත් වැඩකරන ජනතාව ඇතුළු රටේ පොදු ජනතාවත් රජයට බල කළ නමුත් පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද ජනතා මතයට පිටුපා කටයුතු කරමින් සිටියි. එපමණක් නොව තම ඉල්ලීම් ඉදිරිපත් කරන බලවේගවලට පොලිසිය යොදා මෘග ප‍්‍රහාර එල්ල කරමින් ඒවා මර්දනය කිරීමට උත්සාහ කරයි. රජයේ මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැසිරීමට විරෝධය පළ කළ යුතුය.
අධ්‍යාපනය පෞද්ගලිකකරණය හරහා දේශීය හා විදේශීය ජාවාරම්කාරයන් කිහිප දෙනකුගේ බැංකු ගිණුම් තරවීම හැර ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු වාසියක් අත් නොවන බව පැහැදිලිය. ජනගහනයෙන් අඩකගේ පමණ දිනක ආදායම රුපියල් 500ක් පමණ වෙතැයි රජයම පවසන තත්වයක් තුළ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කළහොත් සාතිශය බහුතරයක් දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වනු ඇත. එම නිසා අනාගත පරපුර අඳුරේ හෙළමින් ජාවාරම්කරුවන් කිහිප දෙනකුගේ ලාභ අරමුණු වෙනුවෙන් කරන අධ්‍යාපන පෞද්ගලිකකරණ වැඩපිළිවෙළට එරෙහිව සියලූ බලවේග එක් වියයුතු යැයිද අපි අවධාරණය කරමු. සරසවි බඳවා ගැනීම් වැඩි කොට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරන ලෙසද අපි ආණ්ඩුවට බල කර සිටිමු.
Related News