අත්හිටවූ අඛණ්ඩ වැඩ වර්ජනය දැනුම් දීමකින් තොරව නැවත ආරම්භ කරනවා

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් පසුගියදා සිදු කරන ලද ඉල්ලීම් 3න් යුත් වැඩ වර්ජනය පෙර දැනුම් දීමකින් තොරව නැවත ආරම්භ කරන බව එම වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා ප්‍රකාශ කර සිටී.

ඉකුත් අප්‍රේල් 24 වන දින දියත් කරන ලද අඛන්ඩ වැඩ වර්ජනය, අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් කැබිනට් අැමතිවරු තිදෙනෙක් සමඟ කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ලබා දුන් ලිඛිත පොරොන්දු මත අත් හිටුවීමට සිය සංගමය තීරණය කළ බව වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු පෙන්වා දෙයි. ඉන්දියාව සමඟ අත්සන් කරනු ලබන්නේ අවබෝධතා ගිවිසුමක් පමණක් බවත් නීතිමය ගිවිසුම් සඳහා කැබිනට් අනුමැතිය ගත යුතු බවට තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අත්සනින් යුතුව එවන ලද ලිපියකින් දැක්වේ. කෙසේ වෙතත් ඉන්දියාව සමඟ එළඹුණු ගිවිසුම පිළිබද අවධානය යොමු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා සහ සිය වෘත්තීය සමිති අතර ඇති කරගත් එකඟතා වලට පටහැනිව කටයුතු කර ඇත. මේ ආකාරයට සිය වෘත්තීය ඉල්ලීම් කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඉදිරි සතිය ඇතුලත පෙර දැනුම් දීමකින් තොරව අත්හිටවූ අඛන්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Leave a Reply