තෙල් පිරිපහදුවකින් හා විදුලිබලාගාරයකින් යුතු ප්‍රථම විදේශ ඛනිජ තෙල් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙන බව ටෙලිග්රොප් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික තාප බල සංස්ථාව ඇතුළත් ඉන්දීය තෙල් සංස්ථාව සහ විදුලිබල අමාත්‍යංශය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද 2016 මැයි, ජූනි කාලය තුළ අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවද එහි තවදුරටත් දැක්වේ.
ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුමට පෙරාතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රටවල් දෙකම දැඩි උනන්දුවක් දක්වන බවද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. දැනට ලංකාවේ තෙල් පිරිපහදු ඇත්තේ රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පමණි.