යෝජිත නව රේගු පනතට විරෝධය දක්වමින් රට පුරා රේගු නිලධාරීන් අද සිට අකුරට වැඩ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව ගුවන් තොටුපළ, වරාය සහ රට පුරා ඇති බන්ධිත ගුදම්වල ද ආනයන අපනයන අංශවල ද සේවා කටයුතු ප්රනමාද වන අතර ගුවන් ගමන්වල ද ප්රාමාදයක් සිදුවනු ඇතැයි අනුමාන කෙරේ. රේගු මාණ්ඩලික නිලධාරී සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය, නිදහස් රජයේ රේගු වෘත්තීය සමිතිය, රේගු පරීක්ෂීකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා රේගු සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති අටක් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රිගයාමාර්ගයට එක්වන බව වාර්තා වේ.
යෝජිත රේගු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්රිනයාමාර්ගයේ නිරත වන බව රේගු වෘත්තීය සමිති පවසයි. රේගු නිලධාරීන් තම රාජකාරියට අදාළ සේවාවල පමණක් නිරත වන අතර අමතර රාජකාරීවලින් වැළකී සිටියි.
මේ වෘත්තිය ක්රියයාමාර්ගය හේතුවෙන් ශ්රී ලංකා රේගුවේ කටයුතුවලට විශාල ලෙස බලපෑමක් සිදුව ඇති බව වාර්තා වෙයි.