ඉතිහාසයේ රුපියලේ අගය වැඩිපුරම බාල්දු වූ දිනය ලෙස සැප්තැම්බර් 30වැනිදා ඉතිහාසගත විය. එදින ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 143.06ක් ලෙසය.
පසුගිය ජුනි 30වැනිදා එය පැවතියේ රුපියල් 133.70ක අගයකය. ඒ අනුව මාස තුනක් තුළ ඩොලරයක අගය රුපියල් දහයකින් ඉහල ගොස් රුපියල බරපතල ලෙස බාල්දු වී තිබේ.
රුපියලේ අගය පහල යාම ආනයනික භාණ්ඩ වල මිල ඉහල යාමට හේතු වන බැවින් ඉදිරියේදී උද්ධමනය තවත් වැඩි වීමට නියමිත බව ජනරළ වාර්තා කරයි.
මධුරි මුණසිංහ