මාතර පෞද්ගලික දුරගමන් සේවා බස් රථ වර්ජනයක්

matara bus

අද උදෑසන සිට මාතර සිට කොළඹ, ගම්පහ, බදුල්ල, පොළොන්නරුව ආදී දුර පළාත්වලට ධාවනය වූ පෞද්ගලික බස් රථ සිය ධාවන කටයුතු නතර කර ඇත.

අද දින මෙසේ තම ධාවනය අත්හිටුවා ඇත්තේ තංගල්ලේ සිට කොළම බලා ධාවනය වූ බස්රථයක රියදුරකුට හා කොන්දොස්තරවරයකුට අම්බලංගොඩ ප්‍රදේශයේදී පහරදීම හේතුවෙන් සැකකරුවන්  වහාම අත් අඩංගුවට ගන්නැයි බල කරමිනි.

මාතර නගරයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ සදහා දුරගමන් සේවා පෞද්ගලික බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය කරනු ලබයි. මෙම වර්ජනය හේතුවෙන් විවිධ ප්‍රදේශ බලායෑමට මාතර නගරයට පැමිණි විශාල පිරිසක් මහත් අපහසුවට පත්ව ඇති බව වාර්තාවේ.

Leave a Reply