මහින්ද නිසා සංධානය පරාදවුණා එස්.බී.කියයි

sb

මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එජනිසයේ අත ළඟ තිබුණු ජයග්‍රහණය ගිලිහි ගිය බවත් එයට හේතුව වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිවරණයට පැමිණීම හේතුවූ බවත් එස්.බී. දිසානායක මහනුවරදී පවසා ඇත.

මහින්ද තරග නොකර මෛත්‍රිපාල ජනපති මැතිවරණය මෙහෙයුවානම් එජනිසයට අණිවාර්යෙන්ම ආණ්ඩුවක් බිහි කිරිමට හැකියාව තිබු බව තමා විශ්වාස කරන බව, සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහනුවරදී පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන්දිනයට සමගාමීව පැවැති ආගමික වතාවත්වලට එක්වෙමින් ඔහු මේ බව කීවේය. ‘ මම පරදින දේශපාලනඥයෙක් නෙමෙයි. මේ සැරේ අපේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට ගෙයින් ගෙට ගිහින් කිවුවා මම දිනල ඉවර වෙලා එක්සත් ජාතික පක්ෂයට යනව කියලා.

මම පැරදුණා මම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම ඉල්ලුවෙත් නෑ. මම ඇමැතිකමත් ඉල්ලුවෙත් නෑ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල ජනාධිපතියි එකට එකතු කරන්න වැඩියෙන්ම මහන්සි වෙච්ච කෙනෙක් මම‘

එහිදී විපක්ෂ නායක ධූරය ගැනද අදහස් දැක්වූ එස්.බී දිසානායක ‘අපේ රටේ ඉන්න ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවනම් ඊළග ඉන්න ප්‍රධාන පක්ෂයට විපක්ෂ නායකකම හිමි විය යුතු බවත් ආණ්ඩුවෙන් කෙටසක් එහා පැත්තට දාලා කෘතිම ලෙස විපක්ෂ නායකකම ගැනීම අසාධාරණ බවත් කීවේය.

නමුත් දෙමළ සන්ධානය වෙනම රාජ්‍යයක් ගොඩනැගිම සඳහා වෙනම ඊළමක් ගොඩ නැගීම සඳහා හෝ අපේ රණවිරුවන් පෝරකයට අරන් යාමට උත්සාහ දරනවානම්  එවැනි මොහාතක ඒ විපක්ෂ නායකකම ඉවත් කර විකල්පයකට යායුතු බවද ඔහු පැවසීය.

Leave a Reply