මක්කම ගිය ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදහන් 

macca

මක්කම වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු වන 58 හැවිරිදි ඒ.ඒ. අසීස් සහ ඔහුගේ බිරිඳ වන 55 හැවිරිදි ආර්. රෝශන්හාරා අබ්දුල් අසීස් අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තාවේ. ඔවුන් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

ඔවුන් සෙවීමේ කටයුතු සිදුකරන බව ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය සඳහන් කලත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් තමාට මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති බවයි.

Leave a Reply