පළාත් පාලන මැතිවරණය මාර්තුවල

local gaverment

මේවන විට කොමසාරිස්වරුන්ගේ පාලනය යටතේ තිබෙන පළාත් පාලන ආයතන සදහා වන මැතිවරණය එළැඹෙන මාර්තු මස පැවැත්වෙන බව ඊයේ අගමැතිවරය පවසා තිබේ.

අගමැතිවරයා එසේ පවසා ඇත්තේ ජාතික කළමණාකරණ ආයතනයේ සමාරම්භක උත්සවයට සහභාගීවූ අවස්ථාවේදීය. මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයකම අදහසවී ඇත්තේ නව ව්යහවස්ථාවක් සකස්කර එයට අනුව පළාත්පාලන මැතිවරණයද පැවත්විය යුතු බවයැයි එහිදී අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මෙම සමාරම්භක උළෙලට විශේෂ ආරාධිතයකු ලෙස ජර්මන් තානාපතිවරයාද සහභාගීවිය.
කෙසේ වෙතත් පසුගිය රාජපක්ෂ පාලනය තුලද නව මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ වැඩපිලිවෙලක්ද කි‍්‍රයාත්මක විය. නමුත් පසුව එම නිර්ණයන් විවිධ ජාතිකත්වයන්ට අවාසි සහගත බවට වූ දේශපාන සංවාදයක්ද පැවැතිනි.

ලබන මාර්තු මස පළාත්පාලන ආයතන වල මැතිවරණය පැවැත්වේ නම් එම මැතිවරණයද පවතින සමානුපාතික ඡන්ද ක‍්‍රමය යටතේම පැවැත්විමට වැඩි ඉඩකඩ තිබෙන බව වාර්තාවේ. මන්ද තව මාස පහක් වැනි කෙටි කාලයකින් නව ව්යතවස්ථාවක් සකස්කර එයට අනුව මැතිවරණය පැවැත්වීම ඉතාම දුෂ්කර කටයුත්තකක් වන බැවිනි.

Leave a Reply