පළාත් පාලන නඩුවෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ

Court

මේ වනවිට කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරන ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලෙන් එක් විනිසුරුවරයෙක් ඉවත් වී තිබේ.

අද (09) එම නඩුව කැඳවූ අවස්ථාවේ මෙසේ ඉල්ලා අස්වූයේ ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයාය. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල  හිටපු පළාත් පාලන නියෝජිතයින් 18දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබිණි. එය විභාග කිරීමට පත්කළ ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයින් වූයේ නලීන් පෙරේරා සහ ප්‍රියන්ත ජයවර්ධනයන විනිසුරුවරුන්ය. ඒ අතරින් එක් විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන ඉන් ඉවත්වූයේ පෞද්ගලික හේතුවක් මත බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Leave a Reply