ශ්‍රීලනිප 65වැනි සංවත්සරය දිනයේ තමන්ට ජාත්‍යන්තර සම්මේලනයකට සහභාගිවන ලෙස ඇරියුම් ලැබී ඇති බැවින් තමාට ඒ දිනයට පෙරාතුව විදේශගත වන්නට සිදුව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පක්ෂ සම්මේලනය සඳහා දින නියම කරන්නට ප්‍රථම තමන් ඒ ගමන යොදාගෙන සිටි බැවින් එම සම්මේලපයට සහභාගිවන බවද දැනුම් දී ඇති බැවින් පළමුව තෝරාගත් කාර්ය පිළිබද තීරණය කරන්නට සිදුවන බව හිටපු ජනාධිපති ජනමාධය හමුවේ ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂය ලෙස සංවිධානය තුළ තමන්ට පක්ෂපාත ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පක්ෂයේ 65වන සංවත්සරයට සහභාගී වන්නේ ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන්නට තවත් කාලයක් ගතවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (22) රාත්‍රීයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද අවසන් තීරණය ගැනීමට තවත් කල් බැලිය යුතු බවට අදහස් පළ වී තිබේ.