දේශපාලන පළිගැනීම්වලට ලක්වූ හමුදා නිලධාරීන් හමුදාපති හමුවේ

sl army

2010 වසරේ ජනාධිපතිවරණයෙන් පසුව  ආරක්ෂක හමුදාවල සේවය කරන ලද දේශපාලන පළිගැනීම්වලට ලක් වූ ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරින් පිරිසක් සහ යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා අතර සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

මෙම පිරිස පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඔවුන් පිළිබදව විමර්ශනය කිරීමට පත් කළ විශේෂ කමිටුවක නිර්දේශ වලින් අනතුරුව මෙම තීරණ ගෙන ඇති අතර මෙම හමුව යුධ හමුදා මුලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

2010 වර්ෂයේදී අනිවාර්යෙන් විශ්‍රාම ගන්වන ලද ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 40 දෙනෙකුට පමණ පසුගියදා නැවත සලකා බැලීමෙන් පසුව යලි සේවයෙහි පිහිටවනු ලැබුවේය. මෙම හතලිහකට පමණ පිරිසට අමතරව තවත් පිරිසක්ද සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැති බවද වාර්තාවේ.

වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය පළකළ විශාල පිරිසක් ත්‍රිවිධ හමුදාවල සිටි අතර ඔවුන්ගෙන් ඉහළම නිළධාරීන්ට එවකට පැවැති රාජපක්ෂ පාලනය විසින් මෙම දේශපාලන පළිගැනීම් වලට ලක් කරන ලදී.

Leave a Reply