දීර්ඝ කාලයක් පුරා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැති ගාස්තු අර්බුදයට ශිෂ්‍ය විරෝධතා හමුවේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ලබාදුන් විසඳුම් විවෘත විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කි‍්‍රයාත්මක නොකරන බවට විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව ප්‍රකාශ කරයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් එහි කැඳවුම්කරු අමිල සඳරුවන් ප්‍රකාශ කළේ අදාළ විසඳුම් ලබාදෙන ලෙස දන්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව උපකුලපතිතුමාට ලිපියක් යොමුකර ඇති බවත් උපකුලපතිවරයා එවැනි ලිපියක් නොලැබුණු බව පවසන බවත්ය.
එලෙසම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් අතුරු ව්‍යවස්ථාව වෙනස් කරමින් විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටී.
ශිෂ්‍යයන් දැඩි වෙහෙසක් ගෙන දිනාගත් අයිතීන් නැවත උදුරාගැනීමට විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියට කිසි ලෙසකවත් ඉඩ නොදෙන බව විවෘත විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව කියා සිටී.