දැවැන්ත ඉන්දියානු තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලයට

Swing Unit

තෙල් පිරිපහදුවකින් හා විදුලිබලාගාරයකින් යුතු ප්‍රථම විදේශ ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙන බව ටෙලිග්‍රොප් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික තාප බල සංස්ථාව ඇතුළත් ඉන්දීය තෙල් සංස්ථාව සහ විදුලිබල අමාත්‍යංශය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද 2016 මැයි, ජූනි කාලය තුළ අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවද එහි තවදුරටත් දැක්වේ.

ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුමට පෙරාතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රටවල් දෙකම දැඩි උනන්දුවක් දක්වන බවද මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. මෙම ව්‍යපෘතියට අදාළ යෝජනාව ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප‍්‍රධාන් සහ ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතර සාකච්ඡ කෙරී ඇතැයි පැවසේ.

මේ අතර ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසන්නේ මෙමගින් වසරකට ඛනිජ තෙල් ටොන් මිලියන 6ක් පිරිපහදු කිරීමට හැකිවනු ඇති බවය. මේ වන විට ශ‍්‍රී ලංකාව තුළ වසරකට ඛනිජ තෙල් ටොන් මිලියන 2.5ක් පිරිපහදු කරන අතර පෙට්‍රෝලියම් නිපැයුම් සඳහා ඇති ඉල්ලූම එය මෙන් දෙගුණයකි.

ලංකාවේ සමස්ත වාර්ෂික පෙට්‍රල් ඉල්ලුම සඳහා ඛනිජ තෙල් ටොන් මිලියන 5ක් පිරිපහදු කල යුතු අතර මේ අනුව ඉන්දීය පිරිපහදුව මගින් ලංකාවේ සමස්ත තෙල් පිරිපහදු ඉල්ලුමද ඉක්මවා යනු ඇත. මේ සඳහා ත‍්‍රිකුණාමලය ඉහළ චීන වරාය ප‍්‍රදේශය පිළිබඳව වික‍්‍රමසිංහ හා ප‍්‍රධාන් දෙදෙනා සිය හමුව තුළදී අවධානය යොමුකර ඇති අතර මේ සඳහා වෙත අක්කර 800ක පමණ ප‍්‍රදේශයක් අවශ්‍ය වනු ඇතැයි පැවසේ.

මේ වන විටත් ඉන්දියානු ඛනිජ තෙල් සංස්ථාව අයි.ඕ.සී. වෙළඳ නාමය යටතේ ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 179ක් ක‍්‍රියාත්මක කරයි. 2014-2015 අතර එම සමාගමේ බදු ගෙවූ පසු ශුද්ධ ලාභය 65%කින් වර්ධනය වී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. ඉන්දියාව තෙල් පිරිපහදුවට යොමු වන්නේ මෙම ලාභය තවත් ඉහල දමා ගැනීමේ අරමුණෙන් බව ජනරළ වාර්තා කරයි.

වජිර තෙන්නකෝන්

Leave a Reply