තහනම් ධීවර කටයුතු නවතන්න ඉන්දිය ට්‍රෝලර්වලට බලපත් දෙන යෝජනාවක්!

indian-fishermen-arrested

ලංකාවට හිමි සාමුද්‍රික ආර්ථික කලාපයට අයත් සාගරයේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සංඛ්යාවකට සීමාසහිත බලපත් නිකුත් කිරීමට යෝජනාවක් කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබද යෝජනාව ඉන්දියාව විසින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කර ඇත.

තමිල්නාඩු බහුදින යාත්‍රා සහ යාන්ත්‍රික බෝට්ටු මගින් ලංකාවට අයත් උතුර හා වයඹදිග මුහුදු සීමාවේ මහා පරිමාණ නීති විරෝධී, ධීවර කටයුතු අවම කිරීමේ උත්සාහයක් ලෙස මෙම යෝජනාවට ආණ්ඩුවේ අවධානය යොමුව ඇත. ලංකාවේ මුහුදු සීමාවට ඉන්දිය ධීවරයන් ඇතුළුවීම නිසා ඔවුන් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමේ තත්වය දිගින් දිගටම සිදුවේ. එසේම ලංකාවේ ධිවර යාත්‍රා ඉන්දිය නාවික යාත්‍රා මගින් අත්අඩංගුවට ගැනීමද පසුගිය කාලය පුරා අසන්නට ලැබිණි. මෙම තත්වය නිසා ධීවර ගැටලු සාක්ච්ඡා කරනු සදහා ඉන්දිය සහ ලාංකික ඒකාබද්ධ සාකච්ඡා වට කීපයක් පසුගිය කාලයේ පවත්වනු ලැබිණි. ධීවරයන්ගේ සංවිධාන වෙනුවට රාජ්‍ය නිලදාරින් සම්බන්ධ කෙරුනු එම සාකච්ඡාවලින් විධිමත් විසදුමක් කරා එළඹීමට දෙපාර්ශ්වය සමත් වූයේ නැත.

මෙවැනි බලපත් ක්‍රමයක් සම්බන්ධව දැනටමත් කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ. එවැනි බලපත්‍ර දීමකට තවමත් අනුමැතිය දී නැතත් ඒ සදහා අවශ්‍ය සූදානම්වීමේ කටයුතු ආරක්ෂක අමාත්‍යංශය විසින් අරඹා තිබේ.

Leave a Reply